බුලට් හෙවත් මූනිස්සම් කවි ( අවි) - හොඳ ගතිගුණ රකිනු පුතේ

බුලට් හෙවත් මූනිස්සම් කවි ( අවි) - හොඳ ගතිගුණ රකිනු පුතේ

ඔබ කරනා හැම වැඩකම ගුණවත් බව රැකිය යුතුයි
ඔබ යනෙනා හැම තැනක්ම කීමට හැකි විය යුතුමයි
කෙනෙකු නොමැති තැනකදි ඔබ ඔහුගෙ නුගුණ නොකිව යුතුයි
ඔබ ජීවත් වන තුරාම මිනිසත් බව රැකිය යුතුයි

අම්මා තාත්තා දෙදෙනා මුදලට ගත නොහැක පුතේ
ඒ දෙදෙනාගේ ආදරයට මිලක් දෙන්න බැහැනේ පුතේ
දෙමාපියන් පැතූ සිහින ඔබ ඉටුකළ යුතුව ඇතේ
අම්මා තාත්තා දෙන්නට සතුට තමයි දිය යුත්තේ

රැකියාවේ දියුණුව දැක ගන්න ඕනේ ඔබම තමයි
දැනුමක් ලැබ ගන්න ඉතින් පොත පත කියවිය යුතුමයි
ෆෝන් එකෙන් ඕපදූප නොව දැනුමක් ගත යුතුමයි
කාලය වටිනා අයුරින් ගත කෙරුවොත් ඔබට යසයි

ගමින් ඇවිත් ඔබ නගරෙට එපා ගමට හිනා වෙන්න
ගමේ තිබෙන සිරිත් විරිත් එපා විහිළුවට ගන්න
නැන්දම්මට මාමණ්ඩිට ආන්ටි අංකල් කියන්න
එහෙම පුරුදු එපා පුතේ නුඹේ වරිගෙ නැසෙයි ඔන්න

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *