දහසක් පැතුම් පුරවා ගෙන හද මැද්දේ
පුත නුඹ ගැනයි සිතුවේ අතැඟිලි යුද්දේ
කවුරුද මගේ දිවියට ගිනි අවි විද්දේ
නැත පිළිතුරක් අද මා අඩවන් නින්දේ
සනහස් ප්රාර්ථනා සිත්රූ පුතු දෙන්නා
හෙට ලොව ජය ගනී මුව මදහස පෙන්නා
දහසක් යස ඉසුරු දිවි මග රස දන්නා
අත්වැල් බැඳගන්න සොහොයුරුකම පෙන්නා
සිහිවෙයි දුවේ නුඹ ඉපදුණු දවස එදා
හැඬුවා තුටින් මම නුඹ මව මුහුණ බදා
දරු දුක දනී මව් පදවිය ලබන මෙදා
අම්මාවරුන් වනු පිරිපුන් ලොවට සදා
දරු සැප සැපතක්ය පවුලක රස බොන්න
දැහැමෙන් සෙමෙන් ජීවන මග සුරකින්න
බාධක මතුව ආවත් බැහැ හැර යන්න
යුග දිවිමග එයයි දෙවිඳුන් ලැබ දුන්න
R. M. P. L සුභාෂිණි
බ්රැන්ඩික්ස් කහවත්ත ආයතනය