කාන්තාවත් හරියට සියපතක් වගෙයි. මා ඇය එසේ හැඳින්වීමට හේතු වූ කාරණා දෙකක් තිබෙනවා. පළමුවන හේතුව වන්නේ සියපතක් යනුවෙන් හඳුන්වන්නේ පෙති සියයකින් සමන්විතවූ යන අරුතයි. කාන්තාවත් හරියටම මේ පෙති සියයකින් සමන්විත නෙලුමක් වගේයි. විවිධාකාරයේ හැකියා, ගුණාංග ගනණාවකින්ම ඇය සමන්විතයි. ඒ නිසාම තමයි ඇයට ජීව විද්‍යාත්මකවම එකවර වැඩ කිහිපයක් කිරිමේ හැකියාව ලැබී තිබෙන්නේත්. ඒ වගේම තමයි නෙලුමක් නැතිනම් සියපතක් කියන්නෙ මඩෙහි හැදිලා මඩෙහිම පෝෂණය වෙලා මඩෙහි නොගෑවී ලොවම සුවඳවත් කර බුදු පුදට යන පුෂ්පයක්. කාන්තවත් ඒ වගෙයි, තමන් මොන සමාජ වටපිටාවක හැදී වැඩුනත් නිසි මග පෙන්වීමක් ලද වහාම, තමන් වටා සිටින පිරිසටත් ආදර්ශමත් වෙමින් නිවැරදි මාර්ගයයේ ගමන් කිරීමට ඇය සහජයෙන්ම දක්ෂයි. ඒ සඳහා වන හොඳම උදාහරණ වන්නේ බ්‍රැන්ඩික්ස් පියසේ සුපිපෙන දිනන දියණිවරුනුයි.
කාන්තාව පිළිබඳ බොහෝමයක් කවි, කතා නිසඳැස් පසුගිය දවස්වල අපිට විවිධ මාධ්‍යයන් හරහා අහන්න දකින්න ලැබුණා. ඒ පසුගිය මාර්තු 8 වැනිදාට යෙදුණු ජගත් කාන්තා දිනය වෙනුවෙනුයි. බ්‍රැන්ඩික්ස පවුලේ අපිට නම් කාන්තාව අගය කිරීම කියන්නේ එක දිනයකට පමණක් සීමාවන්නක් නෙවෙයි. ඒ නිසා තමයි අපි ඇයව නිතිපතා ඇගයීමට ලක් කරන්නේ. ඒ වගේම ඇයට නිසි තැන ලබාදීමට කටයුතු කරන්නේ. කෙසේ නමුත් මෙවර ජගත් කාන්තා දිනය මූලික කරගනිමින් “දිනන දියණී” ලෙසින් තේමාකරගත් වැඩසටහන් බොහෝමයක් viyaman.lk අපි විසින් අපගේ බ්‍රැන්ඩික්ස් සමූහ තුළ ක්‍රියාත්මක කරනු ලැබුවා.
දිනෙන් දින අලුත් වන තාක්ෂණයත් සමගින් සක්‍රීය ගමනක යෙදෙන බ්‍රැන්ඩික්ස් පවුලේ අපි, මෙවර අපගේ කාන්තා දින වැඩසටහන් ඩිජිටල් තාක්ෂණය මූලික කරගනිමින් පවත්වන්නට කටයුතු කළා. එලෙස ක්‍රියාත්මක කළ වැඩසටහන් අතර අපගේ සමූහ සන්නිවේදන අංශය මගින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අපගේ කාන්තා දින සුබ පැතුම සයිබර් අවකාශයේ පළ කරනු ලැබීම සුවිශේෂයි. එපමණක් නෙවෙයි, අපගේ බ්‍රැන්ඩික්ස් සොයුරියන්ට කවදත් ළබැඳි බ්‍රැන්ඩික්ස් FM හරහා අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබාදුන් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට ත්‍යාග ලබාදෙන්නටත් අපට හැකි වුණා. එමෙන්ම ඔබ අප කාගේත් ජීවිතය ආලෝකමත් කළ, වර්ණවත් කළ, අර්ථවත් කළ ඒ උතුම් ස්ත්‍රී රත්නය වෙනුවෙන් ඔබේ හිතට දැනුණු, හැඟුණු පද පෙළක් ඉතාමත් අලංකාර සුබ පැතුමක් ලෙසින් viyaman.lk පිටුවෙහි පළ කිරීමටත් අවස්ථාව සලසා දෙනු ලැබුවා. මෙලෙසින් සමූහය පුරාවට මෙන්ම ආයතනික මට්ටමෙන්ද විවිධාකාරයේ වැඩසටහන් පවත්වමින් අපගේ දිනන දියණියන් නැවත නැවතත් අගයමින් අභිෂේක ගන්වන්නට අපට හැකි වුණා.
ඔව්, සැබවින්ම ඔවුන් දිනන දියණියන්. තමන්ගේ පවුලට වගේම, තමන් වටා සිටින පිරිසටත් ආදර්ශයක්, අභිමානයක් වෙමින් ජිවිතය ජයගන්නට අභියෝග හමුවේ නොසැලී කටයුතු කරන ඔවුන් සියල්ලෝම අපට ආඩම්බරයක් මෙන්ම ආභරණයක් ද බව සටහන් කරන්නේ අභිමානයෙන් යුතුවයි.
ඡායාරූප සඳහා පිවිසෙන්න : “දිනන දියණී දිලෙන අසිරී”