පරිසරයට හිතකාමී කටයුතු – කරන්න මොහොතක් සිතුවාද
ඔෆිස් යන ගමන් ගෙදර කුණු ටිකත් – පාරේ කොනේ ඔබ තැබුවා ද
හිස් ඉඩමක් ඔබ නෙත ගැටුනාදා – කැඩිච්ච බඩු එහි දැම්මාද
ඔබගේ ගෙවත්ත පිරිසිදු කරගෙන – තනි ගමනක් හෙට යා හැකිද
අතීතයේ අපි වැව් ඉදි කෙරුවේ – වතුර අපේ පණ මෙන් හිතලා
රෙදි සෝදන තැන්, ස්නානෙට තැන් – වෙන්කර තැබුවේ දුර බලලා
දෑඟිලි බඳිනට පැන් මුසු කෙරුවේ – වතුරෙ ඇති බලය හඳුනාලා
බුදුනට පුදනා දෙවිඳුට පුදනා – වතුරට ඇයි අද වින කරලා
ක්ෂණික ආහාර හදා දෙන්නට – භෝජන ශාලා හැමතැනම
කාණු කපා ගෙන ඒවායේ කුණු ටික – දානව ගංගා පතුලටම
කැලණි ගං නදී හඬා වැටෙන්නේ – දරන්න බැරුවයි දුක මේම
මිනිසුනි නොමිනිස් ගති පෙන්වන්නේ – නොදන්න නිසාද ගුණධර්ම
ස්වභාව දහමේ සුන්දර විඳින්න – ඔබ පින් කරලා තිබුණාට
හෙට ඉපදෙන අපෙ දරුවන් දනීද – තිබූ බව අපේ රට සුන්දරට
යල මහ කන්නය කරන්න පෙරදා – වතුර ලැබුණ මුත් නිසි කලට
දැන් සිදුවන වන විනාසේ දැක්කම – හැකිවේද යල මහ කරන්නට
උපන් දිනදාට සැමරුමක් සේ – දෙමුද අපි පැළයක්
මිහිකතට ආදරෙන් වතුර රකින්නට – බඳිමු අපි පවුරක්
වැදූ මවටත් උපන් රටටත් – නොකර ඔබ කැළලක්
දහම තුළ ඔබ ඉන්න සැමදා – ලැබේ මල් කලඹක්