සුබ නැකතට ළිඳත් සමඟ ගනුදෙනු කර වතුර රැගෙන

සුබ නැකතට ළිඳත් සමඟ ගනුදෙනු කර වතුර රැගෙන

අතීතයේ සිට පැවත එන සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අතර වැදගත් ස්ථානයක් ගන්නා චාරිත්‍රයක් ලෙසින් ගනුදෙනු කිරීම හැඳින්විය හැකියි. මෙහිදී නිවසේ ගෘහණිය සුබ නැකතට ගනුදෙනු කිරීම සඳහා තෝරා ගන්නේ වසර පුරාවට නිවසේ සියලු ජල අවශ්‍යතා සඳහා ජලය සපයන ළිඳයි. පිරුණු දිය බඳුනක් යනු සෞභාග්‍යයේ සංඛේතයක්. ඒ නිසාම ඇය සුබ නැකතට ළිඳත් සමග ගනුදෙනු කිරීමට යන්නේ බුලත් කොළයක්, සුදු මල් ටිකක් රැගෙනයි. සුබ මොහොතින් කලයට වතුර පුරවගන්නා ඇය රැගෙන යන සුදු මල්, බුලත් කොළ, ඉඟිනි ඇට, අඟුරු කැබැල්ල ආදිය ළිඳට එක්කරයි. වසර පුරාවට අපට දිය ලබාදෙන ළිඳට අපි කරන ගරු කිරීමක් ලෙසින් එකතු කරන ඉඟිනි ඇට සහ අඟුරුවලින් ළිඳෙහි ජලය පිරිපහදු වීමක්, ජලයේ පවතින විෂබීජ නැතිවීමකුත් සිදුවන බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *