දියෙන් බෞතීස්ම ලද කිතුනු බැතිමතුන්ගේ දුකකදි, ලෙඩකදි පිහිටට එන ආසිරි පැන්

දියෙන් බෞතීස්ම ලද කිතුනු බැතිමතුන්ගේ දුකකදි, ලෙඩකදි පිහිටට එන ආසිරි පැන්

අනෙක් සෑම සම්ප්‍රදායක සංස්කෘතියක සේම කතෝලික ආගමානූකූල සංස්කෘතිය තුළද ජලයට ඇත්තේ ප්‍රමුඛ පිළිගැනීමකි. කතෝලික දහමට අනුව මිනිස් දරුවකු ලෙසින් මෙලොව ඉපදුණු පසු කතෝලික දරුවෙකු ලෙසින් බෞතීස්ම කරනු ලබන්නේ ජලයෙනි. එමගින් ජන්ම පාපයෙන් ඔහු හෝ ඇය මුදවාලන බව එම බැතුමතුන් විශ්වාස කරයි. මීට අමතරව ක්‍රිස්තුස්වහන්සේ මරණයෙන් උත්ථානය ලද දිනය ලෙසින් හැඳින්වෙන ආලේලූයියා සෙනසුරදා දින පාස්කු ඉටි පහනෙන් ආසිරි ගන්වනු ලැබූ පැන්, පූජා ප්‍රසාදීතුමන් විසින් ලබාදෙනු ලබයි. එම පැන් නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ අවට ඉසීමෙන් තමන් හට ආරක්ෂාවක් ආශිර්වාදයක් ලැබෙන බවද, ආසිරි ගැන්වූ පැන් ළඟ තබාගැනීමෙන් ඕනෑම අසනීපයකදී, ව්‍යාධියකදී ඒවා පිහිටට පැමිණෙන බවද කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. මෙලෙසින් ළඟ තබාගන්නා ආසිරි ගැන්වූ පැන් ලබන වසරේ පාස්කු කාලය වනතුරුම වසරක පමණ කාලයක් තබාගන්නේ තමන්ට කරදරයක් පීඩාවත් ඇතිවන ඕනෑම අවස්ථාවක භාවිතයට ගැනීම සඳහා ය. එපමණක් නොව ශුද්ධවූ බයිබලයට අනුව ස්නාවක ජුවාම්තුමන් විසින් ජේසුස් වහන්සේවද බෞතිස්ම කරන්නෙ ජලයෙනි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *