අලුත් අවුරුදු අරඹන සුබ හෝරාවයි ඔසු රැස මුසුකොට දිය ස්නානයයි

අලුත් අවුරුදු අරඹන සුබ හෝරාවයි ඔසු රැස මුසුකොට දිය ස්නානයයි

සිංහල හින්දු අලුත් අවුරුදු කාලය කියන්නේ සිංහල වගේම හින්දු ජනතාවත් උත්සවශ්‍රීයෙන් සමරන සංස්කෘතික මංගල්‍යයක්. සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිංහල ජනතා මෙන්ම හින්දු ජනතාවත් චාරිත්‍ර වාරිත්‍ර බොහොමයක් ඉටු කරනවා. හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර පවතින සුවිශේෂීතම චාරිත්‍රයක් වන්නේ මරුතුනීර් ලෙසින් හැඳින්වෙන ඖෂධ වර්ග බොහෝමයක් මුසු කරන ලද ජලයෙන් ස්නානය කිරීමයි. සඳහා අවශ්‍ය ඔසු වර්ග මිශ්‍රිත ජලය හින්දු කෝවිල්වල සකසනු ලබන අතර එහි පැමිණෙන බැතිමතුන් හට ඒවා බෙදා දෙන්නේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ස්නානය කිරීමේ දී භාවිත කිරීමටයි. එහිදී නක්ෂත්‍රයට අනුව ලබා දෙන සුබ හෝරාවකදී මෙම මරුතුනීර් ස්නානයෙන් හින්දු අවුරුදු චාරිත්‍ර අරඹනු ලබයි. එලෙස ස්නානය කිරීමෙන් අනතුරුව නක්ෂත්‍රය මගින් ලබා දෙන සුබ වර්ණයන්ට අයත් අලුත් ඇඳුම්වලින් සැරසී ඉතුරු ආගමික හා සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර වල හින්දු ජනයා යෙදෙයි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *