උපවාසය අහවර කර සිසිල් ජලයෙන් ප්‍රාණවත්වී

උපවාසය අහවර කර සිසිල් ජලයෙන් ප්‍රාණවත්වී

ඉස්ලාම් බැතිමතුන්ගේ ආගමික වත් පිළිවෙත් අතර ප්‍රමුඛ ප්‍රමුඛස්ථානයක් උසුලන්නේ රාමසාන් උපවාසය යි. පුරා මාසයක් පමණ කාලයක් පුරාවට රාමසාන් උපවාස යෙදෙමින් ආගමානුකූල වූ දිවියක් ගත කරන ඉස්ලාම් බැතිමතුන් එම කාල වකවානුව පුරාවට රාමසාන් උපවාසය නොකඩවා සිදුකරනු ලබයි. එහිදී සෑම දිනකම අලුයම ආහාර ගෙන වත්පිළිවෙත් සිදු කිරීමෙන් අනතුරුව නැවත සවස් යාමය පසුවන තුරුම පැය 14 ක් පමණ කාලයක් නිරාහාරව සිටිමින් උපවාසය රකියි. මෙහිදී උපවාස නිමා කිරීම ඉෆ්තාර් ලෙසින් හඳුන්වයි.  මුළු දවසක් මුළුල්ලේම  නිරාහාරව සිටින ඔවුන් රට ඉඳි ගෙඩියක් අනුභව කර වතුර බීමෙන් උපවාසය නිමා කරනු ලබයි. පැය 14 ක් පමණ නිරාහාරව සිට ප්‍රාණවත්වීමට පිරිසිදු සිසිල් ජල විදුරුවක් තරම් ගැලපෙන කිසිවක් නොමැති බවත් ජලය ජීවයේ පැවැත්මට මූලිකම වන සාධකයක් හේතුවෙන් ජලයට කරන ගෞරව කිරීමක් ලෙසිනුත් ඔවුන් මෙලෙස ජලය පානය කර උපවාසය නිමා කරයි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *