ගැහැණු දැරිවියකගේ ජීවිතයේ දෙවන උත්පත්තිය වන්නේ ඇය වැඩිවියට පත්වීමයි. එසේත් නැතිනම් මල්වරවීමයි. ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ සුවිශේෂීත්වයක් උසුලන මෙම මංගල අවස්ථාව හා සබැඳුණු චාරිත්‍ර වාරිත්‍ර බොහෝමයි. ජලය යනු කවදත් සුබ සලකුණක් ලෙසින් සලකන ශ්‍රී ලාංකික අපි මල්වර සිරිත් විරිත් අතර ප්‍රමුඛස්ථානයක් ලබාදෙන්නේ එම දැරිය නැහැවීම සඳහායි. නක්ෂත්‍රයට අනුව ඒ සඳහා තෝරා ගන්නා සුබ දිනයක සුබ මොහොතින් පවුලේ වැඩිහිටි කාන්තාවන්ගේ මූලිකත්වයෙන් යුතුව ඖෂධ වර්ගවලින් සහ නැවුම් දියෙන් ඇයව නහවා නව යෞවනියක ලෙසින් ගෙට ගන්නේ අන්‍යන්ගේ නෙත ගැටීමට පෙර සුදු මල් සහ දිය පිරුණු කොරහකින් ඇයගේ සුන්දර රූපය ඇයටම බැලීමට සලස්වමිනි.