සුව විරුවන් පැසසීමට කෘතවේදීව පෙළගැසුණු බ්‍රැන්ඩික්ස් සාමාජිකයින්

සුව විරුවන් පැසසීමට කෘතවේදීව පෙළගැසුණු බ්‍රැන්ඩික්ස් සාමාජිකයින්

කෝවිඩ්-19 ට එරෙහිව සටන් කරන සුව විරුවන් හට කෘතවේදි වීමක් ලෙසින් බ්‍රැන්ඩික්ස් සාමාජිකයින් වෙතින් ලක්ෂ පහකට ආසන්න වූ ආරක්ෂිත ඇඳුම් කට්ටල හා ආරක්ෂිත මුඛ ආවරණ දෙලක්ෂ පනස්දහසක පරිත්‍යාගයක්.

කෝවිඩ්-19 ආසාදිත රෝගීන් හට ප්‍රතිකාර කරන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි සේවයේ නියුතු සෞඛ්‍යය සේවා කාර්ය මණ්ඩල සාමාජිකයින් හට ස්තූතිය පුද කිරීමක් ලෙසින් ලංකාව පුරාම ව්‍යාප්තව ඇති බ්‍රැන්ඩික්ස් ආයතනයන්හි සාමාජිකයින් විසින් අපනයනය ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත ඇඳුම් කට්ටල හා මුඛ ආවරණ (PPE) නිෂ්පාදනය කරන ලදී. පසුගිය සති කිහිපය තුළ මෙම ආරක්ෂිත ඇඳුම් කට්ටල රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පරිත්‍යාග කරන ලද්දේ බ්‍රැන්ඩික්ස් සාමාජිකයින් විසිනි.

ඉතාමත් බරපතළ අවදානමක් ගනිමින් කෝවිඩ් රෝගීන් හට ප්‍රතිකාර කරන සෞඛ්‍යය සේවා කාර්යමණ්ඩලය වෙත කෘතවේදීත්වය පළ කිරීමක් ලෙසින් මෙලෙසින් බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් අපනයන ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත ඇඳුම් කට්ටල 490000 හා මුඛ ආවරණ 250000 නිෂ්පාදනය කරන ලදී. එම ආරක්ෂිත ඇඳුම් කට්ටිය සහ මුඛ ආවරණ බෙදා දීමට පෙර බෝ නොවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ විසින් භෞතික හා ක්ෂුද්‍ර ආසාදන පරීක්ෂණ පවත්වා ඒවා නිසි ප්‍රමිතියට පවතින බවට සහතික කර අනුමැතිය ලබා දුනි. මෙලෙසින් රෝහල් 23 ක් සඳහා  ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාග කළ අතර රෝහල් 9 ක් සඳහා මුඛ  ආවරණ පරිත්‍යාග කරන ලදී.

“කෝවිඩ්-19 වසංගතය ගැන අපි මීට කලින් අහල දැකල නැහැ. කෝවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කරන සෞඛ්‍යය සේවකයින් මේ රෝගයට ගොදුරු වීමේ විශාල අවදානමක් තියනවා. මේ රෝගයට ගොදුරු වෙලා ප්‍රතිකාර ලබන අතරතුර සෞඛ්‍යය සේවක පිරිස රෝගීන්ගේ යහපැවැත්ම වෙනුවෙන් කරන ඒ අතිමහත් කැපවීම මට දැකගන්න ලැබුණා. මට ඒ අය ගැන ඇත්තටම ආඩම්බරයි. ඒ වගේම ඔවුන් වෙත නිසි ප්‍රමිතියෙන් යුතු හොඳම ආරක්ෂිත ඇඳුම් කට්ටල හා මුඛ ආවරණ ලබා දීමට අපට හැකි වීම ගැනත් මම ආඩම්බර වෙනවා.” මෙලෙසින් අදහස් දැක්වුයේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවක පුහුණු නිලධාරිනියක් ලෙසින් සේවය කරන නිලංකා ප්‍රනාන්දු යි.

කොළඹ IDH රෝහල, හෝමාගම රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල, මඩකලපු පුනානි රෝහල සහ කෑගල්ල රඹුක්කන රෝහල ඇතුළු කෝවිඩ් ප්‍රතිකාර සිදු කරන රෝහල් කිහිපයකට ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාග කළ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත හා නිවිතිගල රෝහල්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල රෝහල හා වරකාපොල රෝහල මෙන්ම රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල ඇතුළු ඔහු රෝහල් කිහිපයක් සඳහා මුඛ ආවරණ බෙදා දුනි. 

ඡායාරූප සඳහා පිවිසෙන්න : “සුව විරුවන් පැසසීමට කෘතවේදීව පෙළගැසුණු බ්‍රැන්ඩික්ස් සාමාජිකයින් “

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *