විමසුවොත් මගෙන්

විමසුවොත් මගෙන්

ඇයි වැස්සට ආදරේ කරන්නේ?
      වැස්ස හන්ගනවනේ මගේ කඳුළු
     හේතුවක් නොවිමසා
     කොන්දේසි විරහිතව
     කාටවත් නොපෙනෙන්න…

ඇයි මේ තරම්ම ජල රළට ආදරේ
     කොයි වෙලේ කෝම ගියත්
     සිපගන්නවා මාව
     ආදරයෙන්,
     තුරුලුකරන්…

ඇයි මේ තරම්ම ඇළ දොළට ආදරේ
    ඔවඅනි ගීත ගයනවා හැමවෙලේම
    මං වෙනුවෙන්
    මට ඇහෙන්න
    මාත් එක්ක

ඉතින්,
    විමසුවොත් මගෙන්,
    කවුරු කොහොම කොයි වෙලේක
   විශ්වාසයෙන් කියමි
   මං ආදරෙයි වතුරට
   තෙරක් නොපෙනෙන මහ මුහුද තරමට

අප්සරා කරුණරත්න
බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

 

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *