නේක විසිතුරු සේද දිය ඇලි මවයි නිබඳව සිත්තමක්
ශ්රී පතුළ සිඹ ගලන ගංගා අප ලැබූ මහ වත්කමක්
කුඹුරු අස්වනු සරුසාර කෙත් නිවයි කුසගිනි මහමෙරක්
පුංචි ජල බිඳු රැස්ව පොදියට කරයි මුළු රට හරිතවත්
වැටෙන ඩා බිඳු ගතෙහි රුහිරය පිස දමයි එක මොහොතකින්
නැගෙන තිබහට වැටෙන හුස්මට පණ පොවයි එක් ක්ෂණයකින්
වැඩෙන ගහ කොළ නිවන සිහිලස ගෙනෙයි හැමවිට අත්වැලක්
දිනන ලොවකට ලැබුණු සම්පත විය මේ මහ ජල කඳක්
සිප්හලේ අප සමත් වන්නට ලියූ නමුත් නුඹ ගැන වදන්
දිවි මගේ දී පසුතැවෙන්නට විය නුඹ කෙලෙසූ පවින්
ගතේ දිරියට හිතේ හයියට විඩා නිවු මහ ජල කදක්
රකින්නට එක් දිනක් කුමටද කෙලෙසලා අන් හැම දිනක්
තිළිණි නිසංසලා
බ්රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය