සුරකිමු නිල් දියවර

සුරකිමු නිල් දියවර

මිහිපිට පවතිනා සම්පත් බොහෝ               ඇතී
ඉන් වටිනාම සම්පත නම් ජලය                  වෙතී
ලෝකයේ පැවැත්මට එය උපකාරි             වෙතී
සුවපත් දිවියකට දිව ඔසුවක්ම                   වෙතී

කොතරම් විශාලව තිබුනත් ජල                 තරය
පරිභෝජනය කළ හැක්කේ                       සීමිතය
දිනයෙන් දිනය අධිකයි භාවිත                   ජලය
රැකගත යුතුයි මතුවට මේ ජල                   ධනය

අතීතයේ සිට පැවත ආ රජ                        දරුවෝ
අහසින් වැටෙන දිය බිඳුවත් එක්                 කෙරුවෝ
මහ වැව් අමුණු බැඳ ජල කඳ රැස්                කෙරුවෝ
කෙත්වතු සාරවන්නට එය මුල                  පිරුවෝ

මිහිපිට පවතිනා ජෛව                             ක්‍රියාවලී
නොබිඳී පැවැත්ම ඒ නම්                           හේතුවෙතී
කඳු හෙල් අතර මනහර ඇළි                      ඇදහැලෙතී
මහ සාගරය නෙත් කුල්මත්                       කරයි නිතී

උල්පත්වලින් මතුවන පොඩි ජල               ධාරා
බීමට ඉතා සුදුසුයි නෑ වස විස                    දාලා
දෛනික වැඩට යොදවයි අත හිත               දීලා
විදුලිය නිපදවන්නත් එය හේතු                  වෙලා

කම්හල්වලින් පිටකරනා අපද්‍රව්‍ය                නිසා
ගංගා, ඇළ දොළත්, සාගර දූෂිත වීය           මෙදා
වස විස යොදයි කෙත්වතු සරු වෙන්න        කියා
නොදැනිම අපිත් වස බී වැනසේවි              මෙදා

අරපිරිමැස්ම නොම දන්නා රට                   වැස්සෝ
අපතේ දමයි ලොකු පොඩි හැමදේන          සෙස්සෝ
දිය උල්පතක වටිනාකම නොම                 දන්නෝ
ගස් වැල් මුනින් උදුරා බිම ඇඳ                  දැම්මෝ

පිරිසිදු ජලය හිඟ වී යන බවට                    තතු
දක්නට ලැබේ ලොකු හිඟයක් රටට            මතු
දැන්වත් අප්‍රමාදී වී රැකගතම                     යුතු
ලොකු පොඩි සැවොම මේ හා එක්වියම      යුතු

වන රෝපණය වැඩි වැඩියෙන් සිදු              කරමු
අරපිරිමැස්ම තව වැඩියෙන් හුරු                කරමු
එක්වන කැළි කසල ප්‍රතිචක්‍රීකරණය           කරමු
සිදුවන විනාශය අපි ඉන් පිට                      දකිමු

නිල් දියවර ලෙසින් සංකල්පයක්               යොදා
සැපයේ ජලය අගහිඟ ඇති අයට                මෙදා
නිති පින් වැඩේ කරනා ලද මෙහෙය            නිසා
බ්‍රැන්ඩික්ස් නම් දරයි මුළු ලෝකයෙම         සදා

 

J.P. M. මදුෂානි
බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය

Facebook