ගඳක් සුවදක් රසක් පාටක් නැති දෙයක් ලොව තිබෙනවා
දිවිය ලෝකෙන් ගෙනා අමුර්ත මේ ද විටකදී හිතෙනවා
පොළෝ මිහිකත දේව් නිතරම ඕනෑ තැනකදි බෙදනවා
විස්වයේ ඇති හොදම නාමය ජලය කියලා හිතෙනවා
නොදන්නා යම් පළාතක් වේ ද වතුර ගැන නිතරම අසා
ජලය නැති තැන කිසිම වැඩකට අත ගහන්නට බැරි නිසා
සොබාදහමට නොවි අවනත පරිසරය වනසන නිසා
ජලය කියනා උසස් වස්තුව රකියි සමහරු දිවි නසා
සාර කෙත්වතු සරු කරනවිට ගොවියා ජලයට වදිනවා
රටට විදුලිය සපයගන්නට රජුන් ජලාස හදනවා
ගෙදර වැඩ ටික කරාගන්නට ගෑණු ජලය ම යදිනවා
තවත් සමහර අමන මිනිසුන් ජලමූලාස්ශ්රිත සිදිනවා
ජලය ජිවය කියන වචනය අපිට නිතරම ඇසෙනවා
අගය දන්නා පිනති මිනිසුන් ජලය නොමිලේ බෙදනවා
අදත් ලෝකේ බොහෝ රටවල් වතුර නැතිවම තැතුවම තැවෙනවා
හිතමු මොහොතක් මවැනි කාලෙක ජලය කොතරම් වටිනවා
මව් කුසට ආ දවසේ ඉඳලා පිළිවෙලට ඉපදුණු පසු
මිනිස් ජිවිත ජලය සම්බන්ධ සෑම තැනකම ඇත සෙසු
ලොවෙ ඇති තව කිසිම පානෙක නොමති මේ වගෙ රස මුසු
ඉතින් පිරිසිදු වතුර බීවොත් නැති වෙවි තව ලෙඩ සෙසු
අපිට අවැසි ජලය නිතරම ලැබෙන විදි ගැන නොසිතූවොත්
කපන ගහ කොල නැවත හදලා පරිසරය නොම රකිතොත්
ඉතින් පොලිතින් ප්ලාස්ටික් හෙම පරිසරය මුද හැරීයොත්
අනාගතයේ රටට වෙන දේ භයානක කම නොසිතූවොත්
යනෙන හැම තැන රැකිය යුතු වේ ජලය අර පිරිමැසිමෙන්
අපතෙ යන්නට නොදි සතුටට විනෝදෙට නිස්කාරනෙන්
ගියත් වැසිකිළි කැසිකිළියකට යලි යලිත් කල්පනාවෙ
වැඩේ කරලත් ඉවර ඉවර වෙනතු වතුර යනවද කරාමෙන්
ඉහත කීදේ බලා ඉන්නට බැරි අයත් ලොව ඉන්නවා
හිතට පපුවට දැනෙන හින්දා වැරද්දාට හඩ නගනවා
තමන්ගේ මඩි තරකරන්නට තියන පරිසරෙ කපනවා
වැටෙන සේ දුන්හිදේ ජල කද බොරු වහන්න්ට හදනවා
ඉතින් අපි දැන් කතා කෙරුවා ජලය යනු මොනවද කියා
ජල විනාසය ඊට හේතුව පහත් ගති සිතුවිලි නිසා කොතෙක් කීවත් ප්රයෝජන නම් නිම කරන්නට බැරි නිසා
ජලය වෙනුවෙන් අපිත් නැගිටිමු ජලය අපෙ මිතුරන් නිසා
ජලය ලැබෙනා ක්රමය වන වැසි නියම කාලෙට ලැබීයන්
වවන හැම බිම් අගල ගානේ එයින් සරු පල ලැබියන්
වනේ වන සතුන් හරක බානද පිපාසය සන් සිදියන්
ඉතින් විස්වාසය පවතිනා තුරු ජලයනම් හිඟ නොවියන්
සුනාමිය ගං වතුර ආදිය අපිට යලි හමු නොවේවා
අපොයි ජලයට අපෙන් වරදක් වෙතොත් සමාව ලැබේවා
කිසිම කලෙකදී ජලෙන් විපතක් කිසිම කෙනෙකුට නොවේවා
යස ඉසුරු වඩ වඩත් ලැබුමට ජලය නිතරම ලැබේවා
බුදුන්ගේ පුදසුනේ පුදනා සිසිල් පැන් බදුගේ අනුහසින්
කියන පිරිතක් ගානේ බලවත් වෙවා පිරිතේ අනුහසින්
ලෝක පාලක සසුන රකිනා දෙවියනේ ඔබ දිව
නෙතින්
රැකලා දෙනු ජලය වස්තුව ලෙසින් දෙවිදුනි මදහසින්
සමන්තා හේමමාලි විජේසිංහ
බ්රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය