ගහ කොළ මල් ඵල බර වී – වසන්තයට සැරසෙන්නේ
කොවුල් නදින් මියුරු ගීත – අවුරුදු එනවයි කියන්නේ
දැන් ඉස්සර වගේ නෙවෙයි – රබන් සුරල් නෑ ඇහෙන්නේ
ගමින් ගමට යකඩ කටින් – උත්සව විතරයි තියන්නේ
සිංහල අවුරුදු ආවට – ගමන් බිමන් පරිස්සමින්
නෑදෑකම් පවත්වන්න – ඉන්න ඔයා මීටරයෙන්
අලුත් ඇඳුම් නැතත් පුතේ – අවුරුදු සමරමු සතුටින්
ටවුන් එකේ රවුම් නොගහ – ගෙදර යන්න පරිස්සමින්
කෝවිඩ් නැහැයි කියා ඔයා – කැට ගහන්න යන්න එපා
පවුල් පිටින් එකතු වෙලා – රට වටේම යන්න එපා
දහතුන දාහතර දෙකට – තියන නැටුම් නටනු එපා
රන් නීතීන් කඩා දමා -වැරදි නැහැයි කියනු එපා
අවුරුද්දත් වෙනස්වෙලා – අපේ කමයි පිරිහෙන්නේ
සිරිත්වලට මුල්තැන නෑ – පුරාජේරු වැඩි වෙන්නේ
නෑදෑකම් ඈත්වෙලා – විනෝදයයි පැතිරෙන්නේ
අනාගතේ නැකැත් සීට්ටුව – තියේද නැනැ දන්නේ