පුංචිම පුංචි උල්පතකින් උපන්
ජල බිංදු සනුහරේම
කියන දේ නාහන විසේකාරම
ජල බිංදුවක් මං
හිතේ හැටියට හැම පාරකම යන
ඔය අතරෙ අහම්බෙන්
දුටුවා ලස්සන රුවක්
දිය නාන තොටුපලක
හැඩකාර තරුණ ළඳක්…
නතර උනොත් නම් විනාසයක්…
මගහැර ගත්තෙ හරි අමාරුවෙන්
ටිකෙන් ටික ගලාගෙන ගියාමත්
පේනවා ජලය හැරවුම් තැනක්
එකම පාරෙ යනවට වඩා වෙනසක්
හැරිලම බලනවා ඔන්නොහේ කෝකටත්
ලස්සන කුඹුරු යායක්
පීදුණූු සරුසාර ගොයමක්
හොරකම් කරපු වී කරලක් දෙකක්
ඉගිලුනා කුරුල්ලන් රෑනක්
අනේ උන්ටත් ඇති කුසගින්නක්
ගොවියෙක් උනත් රජකමට සුදුසුම
අපේ පිහිටෙන් මඩ හෝදගත්තම
හරි ආසාවෙන් අරගෙන මාව දෝතට
මං නම් හිතුවේම ගිල දැම්මොත් එහෙම
හීනයක් වේවි මගේ මුලු චාරිකාවම…
අනේ නැහැ කරදරයක්…
අතහැරියා මාව සැනෙකින්
ඇදුනා ඉදිරියට මං
ඉන්නවා තව මිනිහෙක්
මූණෙ නම් නෑ අහිංසක කමක්..
අතෑරියෙ නැතෑ කුණු ගොඩක්
දරාගන්නවත් බැරි මහා ගඳක්
මාත් එක්කම ගලන් යද්දිත්
මාලු රෑනක්ම ගියේ අවසන් ගමන්
ඒටිකම වේවිද මටත්
ඉක්මනින් මගහැරිලා ගලාගෙන යද්දි
ඇදිලා ගියෙ බටයකට හුලං සැරකට ඇදී
යුද්ධයක් වාගෙයි හරිම කලබලයකී
කුණු ගොඩෙන් වෙන් වෙලා මාව බේරෙද්දී
දැන්නම් නිදහස් කියලා තමයි මාත් හිතුවෙ
වැටුනෙ බෝතලයකට වාහනයක තිබුන
සනුහරේම තවත් බිංදු එක්කම නාඳුනන
නිදහසේ උල්පතක හිටපු අපිට
අවසානෙ උනේ මුදලට විකිනෙන්න
මොනවා කරන්නද අපි උනත්
කරලා ඇති පව් ඕසෙට….
උමේෂා පතිරණ
බ්රැන්ඩික්ස් මීරිගම ආයතනය