දිය බිඳුවක වටිනාකම

දිය බිඳුවක වටිනාකම

කුසට අහර නැතත් අපට ජලය නැතිව සිටිය හැකිද
දිය බිඳුවක වටිනාකම කවදා තේරුම් ගනීද
ජලඋල්පත සුරකින වන රුක් රැකගන්නේ කොහොමද
මිනිසුන් ඇයි මේ තරමට වනසන්නේ අපෙ ලෝකෙම
 
ගසක් කපා මුදල් සොයා ජීවත්වන්නට සිතුවද
අප විසින්ම නැතිකර ගෙන ඇති බව දනීද
ජලය තමයි ජීවිතයක පවතින හුස්මේ පැවැත්ම
එය දන්නා මිනිසෙකු නෑ වනසන්නේ ජල සම්පත
 
ගංගා ඇළදොළ සාගර කෙතරම් පැවතියද ලොවේ
බීමට එක දිය බිඳුවක් නැති මිනිසුද ඇත ලොවේ
සුරකින්නට පුළුවන් නම් එක් වී හැම එකා වගේ
අඩුවක් නෑ ජල සම්පත සුරැකෙයි ජීවිතය අපේ
 
මහ පැරකුම්බා නිරිඳුන් කී කතාව හිතට ගනිමු
අහසින් වැටෙනා එන ජල බිඳුවක්වත් අපතෙ නොයවමු
බත බුලතින් සරුසාර කෙරුනු කෙත්වතු අස්වද්දා ගමු
හෙට දවසේ දරුවන්ටත් ජල සම්ප‌තෙ අගය කියමු

K. G. P. සඳරුවනි
බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *