හිනාවට ඉනාවක් - පළමු වෙඩිල්ල

හිනාවට ඉනාවක් - පළමු වෙඩිල්ල

හිනාවක් කියන්නේ ඉනාවක්. හිනා වෙන්න පුළුවන් එකම සත්වයා මිනිසා කියලා අපි දන්නවනේ. ඒ වගේම අපේ සංස්කෘතිය ඇතුළේ හිනාවට තියෙන්නේ ඉහළ තැනක්. නමුත් ඒක අපහාසයට හෝ උපහාසට වෙන හිනාවන් නෙමෙයි.හිතේ සතුට , ප්‍රීතිය පෙන්වන්න අපිට ලබා දී තිබෙන මාධ්‍යයක්.
 
හිනා වෙන කොට අපේ මුහුණේ මාංශ පේශීන් 7ක් ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. නමුත් කෙනෙකුට ඔරවන්න, රවන්න ඊට වඩා පේශීන් ගාණක් ඔ්නේ කියනවා.
 
ඉතින් රවන්නේ මොකටද… හිනා වෙන්නකෝ…
 
එහෙනම් අද ඉඳන් ඔයාලට හිනාවෙන ගමන් යම් දැනුමක් ලබා ගන්න පුළුවන් කතා මාලාවක් ගෙන්න තමයි මගේ බලාපොරොත්තු.
 
ඔයාලා දන්නවනේ අපේ ජනකතා සංස්කෘතිය ඇතුළේ හිටියා අන්දරේ කියලා කෙනෙක්. එයා රජ ගෙදර කවටයා. එතකොට වෙන රටවල එහෙම අය හිටියේ නැද්ද… නෑ හිටියා.
 
අරාබි සහ මැදපෙරදිග ආශ්‍රිත ජන කතාවල අපිට අන්න්දරේ වගේම කෙනෙක් මුනගැහෙනවා. එයාගේ නම මුල්ලා නස්රුදීන්. නස්රුදීන් නුත් අන්දරේ වගේම හරිම රසවත් කෙනෙක්.
 
තව කෙනෙක් හිටියා බෙංගාලයේ මෝගල් අධිරාජ්‍යයයේ. එයා තමයි බිර්බල්. බිර්බල් කියන්නේත් අන්දරේ සහ නස්රුදීන් වගේම අපිට අමුතු රහක් දුන්න කෙනෙක්.
 
මෙන්න මේ තුන් දෙනාගේ කතාවන් තමයි අපි ඔයාලට කියන්න යන්නේ…
 
තව දෙයක්… මේ කතා නිකන්ම හිනා යන කතා නෙමෙයි… මේක ඇතුළේ තියනවා අපේ ජීවිතයට වැදගත්වෙන ආදර්ශ සහ පණිවිඩ.
 
එහෙනම් වියමන්.lk එක්ක දිගටම රැදෙන්න…
 
අපි අන්දරේ , නසරුදීන් සහ බිර්බල් ගේ ඉළ ඇදෙන හිනා යන කතා එක්ක ඉක්මනින් හමුවෙමු…
 
මම
ගලිවර්

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *