දුන්හිඳ මනාලිය ආඩම්බර අසිරි ගෙනේ
නිල් මානෙල් පියුම් පිපි වැව් පොකුණු පෙනේ
රන්වන් ගොයම් කරලින් පිරි කුඹුරු පෙනේ
නිල් දියවරින් රන් අස්වනු කෙතට ගෙනේ
ගලනා නදිය වෙත මිනිසුන් කුණු දැමුවා
ගන්නට නොහැකි තරමට දූෂිත කෙරුවා
මිනිසුන් වෙලා පරිසරයට වින කෙරුවා
දෙවියනි කිමද නොමිනිසුන් මෙලොවට මැවුවා
බැස යන නදී ගල් මුල් දැක නවතීද
පව් ඇති කරන් ජල සම්පත සුරකීද
හිගවෙන ජලය රැකගන්නට හැකිවේද
දිය බිඳු නොමැති ලක් දෙරණෙහි කෙත සරුවේද
උතුර දකුණ බටහිර මේ නැගෙනහිර
සතර දිශා වටකර ගංඟා වැව් දිය සමුදුරය
ලක් දෙරණෙහි ඔප් නංවා මේ හැම අසිරිය
ආඩම්බර කමින් පහළට බසිනා දිය ඇළිය
ශලිනි
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය