සිහිල් පවනට තුරු වියන් පත්
රැකෙයි දිනකදි මතු ලොවේ
සොබා සිරි සුබ නැවුම් පිරි
හෙට දිනක් අපගේ නෙත මැවේ
පොළෝ තලයම රන් වුවත්
මේ ලෝකයම පවති සුවේ
උදක නම් නාමයෙන් පුද දෙයි
ජලය මිහිපිට දෙන සුවේ
නොවනා ලෙසට හැසිරෙන මුත් මනු සතා
සොබා දහම රැකගයි සිත් ඇති වෙතා
ලෝ ජල සුරැකුනොත් අප සැම රැක දෙනා
මිහිලිය සතපවයි සුවසේ සනසනා
මහ රූස්ස ගස් පෙරලී බිම වැටෙනා
කලකි උදාවන්නේ අප හට නිතිනා
ජලය නොමැතිව කෙසේ ජීවීත ගමන යන්නා
විඳගමු දුක් කඳුළු කැට නෙත් පිසදමිනා
W. M. N. වර්ණකුලසූරිය
බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනය