රිසි ලෙස නොව නිසි ලෙස

පෙනෙන හැමතැන රැකිය යුතුවේ ජලය අරපිරි මැසිමෙන්
අපතේ යන්නට නොදි සතුටට නිස්
කාරනේ
ගියොත් වැසිකිලි වැසිකිලියට යලි යලිත්
කල්පනාවෙන්
වැඩේ කරලත් ඉවර වෙනතුරු වතුර යනවද
කරාමේ

ඉහත කී දේ බලා ඉන්නට බැරි අයත් ලොව
ඉන්නවා
හිතට පපුවට දැනෙන හින්දා වැරැද්දට හඩ
නගනවා
තමන්ගේ මඩි තරකරන්නන් තියෙන පරිසරේ
නසනවා
වැටෙන සේ දුන්හිදේ ජල කද වහන්නට බොරු කියනවා

ඉතින් අපි දැන් කතා කෙරුවා ජලය යනු මොනවාද කියා
ජල විනාශය ඊට හේතුව පහත් ගති සිතිවිලි
නිසා
කෙතෙක් කීවත් ප්‍රයෝජනනම් නිම කරන්නට බැරි
නිසා
ජලය වෙනුවෙන් අපිත් නැගිටිමු ජලය අපේ මිතුරන් නිසා

ජලය ලැබෙන ක්‍රමය වන වැසි නියම කාලෙට ලැබෙනවා
වවන හැම බිම් අගල ගානේ එයින් සරුඵල
ලැබේවා
වනයේ වන සතුන් හරකා බානද පිපාසය සන් සිදෙනවා
ඉතින් විශ්වය පවතිනා තුරු ජලය නම් හිග නොවේවා

සුනාමිය ගංවතුර ආදිය අපට යලි හමු නොවේවා
අපොයි ජලයට අපෙන් වරදක් වෙතොත් සමාව ලැබේවා
කිසිම කාලෙක ජලෙන් විපතක් කිසිම ලෙසවත්
නොවේවා
යස ඉසුරු වඩ වඩත් ලැබුමට ජලය නිතරම
ලැබේවා

බුදුන්ගේ පුද සුනේ පුදනා සිසිල් පැන් බුදුගේ අනුහසින්
කියන පිරිතක් ගානේ බලවත් වේවා පිරිතේ
අනුහසින්
ලෝක පාලක සසුන රකිනා දෙවියනේ ඔබේ දිවිනෙතින්
රැකලා දෙනු මැන ජලයේ වස්තුව ලෙසට දෙවිදුනි මදහසින්

W.සමන්තා
බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *