ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 8 වෙනි දිනට යෙදිලා තියෙන නිසා, ගැහැණු අපි කාටත් එදාට බොහෝ ගරු සැලකිලි, උපහාර, ප්‍රශංසා ආදියෙන් අඩුවක් නැති තරම්. සමාජ මාධ්‍යයන් තුළ පවා එක දවසක් හරි ගැහැණු අපිව වැඩි වැඩියෙන් වර්ණනා කරද්දි අවංකවම හිතට නිහතමානී ආඩම්බරයක් ඇති වෙනවාට සැක නෑ.
හිතට දැනුණු ඒ සුන්දර හැඟීමත් එක්කම, 2021 මෙවර අපි සමරපු කාන්තා දිනය ගැන මතකය අවදි කළොත්… ඔව් ඔබට මතක් වේවි ඔබේ ආයතනයෙන් සංවිධානය කරපු උත්සව, විශේෂ වැඩසටහන්, වටිනා උපදේශනාත්මක දේශන, ඒ විතරක්ද, කාන්තා ඔබ වෙනුවෙන්ම පිළිගැන්වූ ලස්සන තෑගි… මේ හැම දෙයක්ම ඒ ආකාරයෙන් සිද්ධ වුණේ ඔබට හිමි ගෞරවය, ඔබට හිමි අභිමානය ඔබ ආරක්ෂා කරගෙන ඉන්න නිසයි.
ඉතින් මෙතෙක් කල් ආරකෂා කරගත් ඒ වටිනා ගෞරවය, අභිමානය නිරන්තරයෙන් පවත්වාගෙන යන්නට නම්…
- ගැහැණුකම බොහෝ වටිනා ආඩම්බර ආභරණයක් බව අමතක කරන්න එපා.
- බුද්ධියෙන් මිස හදවතින් තීරණ ගන්න එපා.
- අන් කිසිම ගැහැණියකගේ චරිතය වචනවලින් විනාශ කරන්න එපා.
- ආදරය, යාලුකම, සල්ලි මේ තුන නිසා කිසිවෙකුටත් බාල්දු වෙන්න එපා.
- අනුන්ගෙ පිරිමි ළඟ හුරතල් වෙන්න එපා.
- ජීවිතේ විඳින්න ගැහැණුකම බාධාවක් කරගන්න එපා.
- පළමුවෙන්ම ඔබ ඔබට ආදරය කරන්න අමතක කරන්න එපා.
ඔය කිව්ව හැම කාරණාවක්ම ගැහැණු අපිට ගෞරවාන්විත පෞරුෂයක් ඇති කරගන්න බෙහෙවින්ම උපකාර වෙනවා.
අන්න ඒ පෞරුෂයට පුළුවන් අපිට හිමි විය යුතු ගෞරවය හැමදාටම ආරක්ෂා කරල දෙන්න.
ගැහැණු අපිට ජීවිතේ වරදින තැන් ඕන තරම් තියෙයි, හැබැයි ඒ හැම වැරැද්දකින්ම අලුත් පාඩමක් ඉගෙන ගන්න අමතක කරන්න එපා. ඒ වගේම කාන්තාවක් විදිහට අපි විශේෂයෙන් අපි අපේ ජීවිතයට ළං කරගන්න පුද්ගලයින් සහ අපි ඇති කරගන්නා බැදීම් පිළිබදව සැලකිලිමත් වීම අනිවාර්යයි.
අපේ මේ ජීවිතයත් හරියට දොරක් වගේ, නොයෙක් ආකාරයේ පුද්ගලයො අපේ ජීවිතයට එන්නත් පුළුවන්, ඒ ඇවිත් යන්නත් පුළුවන්. ඉතින් බැදීම් ඇති කරගත්ත කියල ඒ බැදීම් සදාතනික වෙයි කියල බලාපොරොත්තු වෙන්න නරකයි. මොනයම් හෝ ආකාරයකට අපිව ප්‍රතික්ෂේප වුණොත්, ඒ ප්‍රතික්ෂේප වීමම ජීවිතේට ශක්තියක් කරගන්නවා හැරෙන්න, තමන්ගෙ වටිනාකම අවතක්සේරු කරගන්න හිතන්නවත් එපා.
සරළවම කියනව නම්, සමාජය ඉස්සරහ ලාබ වෙන්න එපා… මොකද ලෝකයේ ජීවනාලිය වන් ගැහැණියට හිමි ගෞරවයේ ඉදිරි පැවැත්ම තීරණය වන්නේ, ගැහැණු අපේම හැසිරීම තුළින්මයි.
ඔබට ජය !
මනෝ උපදේශිකා
අමා සුබසිoහ