අවසන් නොවූ විරාමය

අවසන් නොවූ විරාමය

1. සස්මිතාගේ වෙඩින් එකට යන්න බැරිවුණු මොහොතේ ඉඳලා මට දැනුණේ ⁣අනූ ගැන කේන්තියක්. ඒක මගේ මූණේ හැම මාංශපේෂියකින්ම අනූට තේරෙන්න ඇරලා මම ඇහැට එන කඳුළු ඔහේ ගලාගෙන යන්න දුන්නා… ඒ කඳුළු වෙන කිසිම දවසකට වැඩිය බරයි කියලා අනූ වගේම මාත් දැනගෙන හිටියා. ඒත් මගේ හැඟීම් හංගන්න අවශ්‍යතාවක් මට කොහෙත්ම තිබුණේ නෑ….

“යසස්, මචන් ඔතන වැඩ ටික ලස්සනට වෙනවද? ඒකිට ෆෝන් එක දියන්… මට එක වචනයක් කතාකරන්න ඕන…”

මොන ලෝකෙකින් ආව හයියක්ද කියන්න දන්නේ නැති වුණත් මං අනූ ඉස්සරහා එයාව රිදෙන හැමදේම කරන්න පටන් අරන් තිබුණා.

යසස් කිසිම වෙලාවක සස්මිතාට ⁣කතාකරන්න අවස්ථාවක් අරන් දුන්නේ නෑ. ඇත්තටම එයාට කතාකරලා මොනවා කියන්නද මං?

“මහී, මගේ පපුව රිදෙනවා….”

අනූ බිම දිගෑදිලා කෑගහන්න පටන් ගත්තා. ඇත්තක්ද බොරුවක්ද මේකි මේ නටන්නේ කියලා හිතාගන්න බැරිව ගල්ගැහිලා ඉද්දි මගේ කෙල්ලයි කොල්ලයි “අම්මා” කියාගෙන එයා ළඟට වෙලා අඬන්න ගත්තා.

මම කාරෙක ස්ටාර්ට් කරගත්තා. අනූට කා⁣රෙකට නඟින්න කියලා කතා කළාට එයා නෙවෙයි අඩියක් ඉස්සරහට තිබ්බේ. මට ඒකටත් කේන්ති ගියා.

උඹ මට කරන බොරුව මම අල්ලගන්නම්. යමන්කෝ කියලා යටිහිතෙන් හි⁣තන ගමන්;

“යමු පැටියෝ බේත් ටිකක් ගන්න” කියලා මම එයාට කිව්වා. සස්මිතාගේ හිනාව සිවිලිමේ ෆෑන් එක කැරකෙන වේගෙන් මට ඇහෙන්න ගත්තා. ඒ මට අරතරම් දේවල් කරපු ගෑනිට පැටියා කීව නිසා කියලා මට හිතුණා…

“ඔයාගේ බෙල්ල හිරකරලා ගියත් ඔයා ඔය ගෑනිට ඔයතරම් ආදරෙන් කතාකළාම ඒ ගෑනි ඔයාව මැනගන්න විදිය මට ගෑනියෙක් නිසා හොඳට දැනෙනවා මහී… අඩුමතරමේ ඒකවත් නතර කරලා බලන්න බැරිද?”

සස්මිතාගේ වචන මට දමලා ගහනවා කියලා මට හිතුණා.

“මහී මට ඩොක්ටර් ගාවට යන්න බෑ….”

මගේ කේන්තිය පාලනය කරගන්න මට බැරිවුණා. අනූගේ කෙස්වලින් අල්ලගෙන එයාව කාරෙකට දාගත්තු මම දරුවෝ දෙන්නවත් කාරෙකට දාගෙන දොර වහලා ඩ්‍රයිවින් සීට් එකට පැනගත්තා.

ඉස්සරහා සීට් එකට වෙලා මගේ මූණ දිහා කන්න වගේ බලාගෙන ඉන්න මේ ගෑනිට ඇති ලෙඩක් නෑනේ කියලා හිතුණත් මේක රඟපෑමක් බව ඩොක්ටර් ලවාම ඔප්පු කරගන්න මට ති⁣බුණේ පුදුම ආසාවක්… මේ ගෑනිට රිදවන්න තැනක් හොය හොය එද්දි දෙයියෝ ⁣දුන්නා වගේ කා⁣රෙක ඉස්සරහටම රිදවිල්ලක් කඩාපාත් වුණා….

මතු සම්බන්ධයි

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *