කිරුළු පලඳින දිනන දියණි

කිරුළු පලඳින දිනන දියණි

කොපමණ ඈයෝ හෙලුවත් ඔය අනඟ                       බැලුම්
ඇය නම් නොවේ බැලුවේ ඒ බහුරූ                         කෝලම්
එක අදිටනයි ඇත්තේ ඇගේ සිතක                              සිතුම්
ඇගේ අරමුණට ළං වන්නට ඇත                              සැතපුම්

දින සති මාස ගෙවුනා නොවැ නැත                         දැනුනේ
බ්‍රැන්ඩික්ස් එකට ඇවිදින් සිව් වසරකි                    ගෙවුනේ
විඳි දුක් ගැහැට හට නිසි අරුතක්                            ලැබුනේ
සිය කණ්ඩායම භාර සුපරීක්ෂකවරිය                         වුනේ

හැකි වෙර යොදා සිය අදිටන් ජය                            ගත්තේ
පිරිමින් හට නොමැති හයියක් ඇය හට                   ඇත්තේ
හෙට ලොව උපදිනා දියණියෝ මතු                        මත්තේ
කිරුළු පලඳීවා පිපි මල් මෙන් එක                           ඉත්තේ

ඉරේෂා ඩිලානි
බ්‍රැන්ඩික්ස් වතුපිටිවල ආයතනය

Facebook