ඇයයි ලොවට ජීවය දෙන දෙවඟන

ඇයයි ලොවට ජීවය දෙන දෙවඟන

මව් කුසේ දස මසේ ගෙවාගෙව
මෙලොව එළිය දකින බිළිඳිය
දිනෙක,
          දියණියක,
                සොයුරියක,
                     ගැහැණියක,
                            මවක ලෙසින්
ලොවේ උත්තරීතර පදවිය ලබා
ලොවක් සනසන්නී

දරන්නට බැරි දුක් කම්කටොලු
අහස උසට පොදි බැඳගෙන සිහින
සියලු බාධක මැද
සුදෝ සුදු දසන් පෙන්වා
සිනාසෙන්නී සොඳුරිය

නිවසට පායනා හිරු ලෙස
නිවහන ආලෝක කරනා
නිවසේ පහන් ආලෝකය
ඇයයි දියණි

පෝරු මස්තකේ නැග
අතපැන් වත්කර
රැජිනක ලෙසින්
පා තබන ඇය
සොඳුරු පතිනියක විය

දරුවන් ලොවේ රජ කරවන්නට
ලොවක් සනසනා
ඇය
මවක විය

හිරු එබෙන අලුයමේ
හිරිගඩු කඩාගෙන
ලිප සමග ඔට්ටු වී
බත් ගෙඩිය ඔතාගෙන
පියනගන ඇය
සන්නාලියක විය

සැමගේම දුක සතුට
හඳුනන
මේ පොළෝ ගැබ
ඇයයි මේ ලොවට
ජීවය දෙන දෙවඟන

A. D. යසෝදනී නෙරංජලා
බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *