අම්මලා

අම්මලා

මස් ඉරා ලේ හලන් දරු පැටව් වැදු දාම
එක්වරයි හිනැහුනේ මුල් වරට හැඬුවාම
හිර කරන් උඩු දුවන වේදනා අමුවෙන්ම
අම්මලා ඉකිබින්දෙ රහසින්ම හීනෙන්ම
 
අඩු නැතුව කිරි ඩිංග හැකි පමණ පෙවුවාම
ඉරුණු කඩමාලු ටික කල්පයක් ඇන්දාම
ලුණු ඉහුණු රස බොජුන් නොකැව්වට මට තාම
කිරි රහයි දංකුඩත් ඇගෙ අතින් කැවුනාම
 
උස් මහත් කරන්නට හීනෙනුත් දරුවෙක්
විඩින් විඩ කවන්නැති පෙන්නලා තරුවක්
නිරන්තර හූල්ලන දවසකුත් වරුවක්
අම්මලට මොනවටද වෙන්කළේ දවසක්

උමේෂා පතිරණ
බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *