මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට

අපි ඕනෑම කෙනෙක්ගෙ ජීවිතවල ඉතාමත් සුන්දර අත්දැකීම් බොහෝ සෙයින් පෙළගැස්වෙන ජීවන අවධියක් ලෙස ළමා විය නම් කරන්න පුළුවන්. ඒ නිසාමයි ඕනෑම සමාජයක දරුවන් ඉතා වටිනා සම්පතක් ලෙස පිළිගැනීමට ලක් වෙන්නෙ.

අපි අපේ බුද්ධියෙන් විමසීමක් කළොත්, අපිට දරුවන් ගැන සෑහීමකට පත් විය හැකි දැනුමක් තියෙනවද කියල, පිළිතුරු විවිධ විය හැකියි. නමුත් සැබැවින්ම, දරුවන් ගැන අප නොදන්නා, නමුත් නිරන්තරයෙන්ම දැන ගත යුතු කරුණු රාශියක් තිබෙනවා.

විශේෂයෙන් දරුවන් සමග කටයුතු කරද්දි, අපි අතින් නොසිතා සිදුවන වැරදි නිසා, දරුවන්ගේ ජීවිතවලට ඒ හරහා ඉතා අහිතකර බලපෑම් ඇතිවන බවට ඔබ දැනුවත් වී ඇති. ඒ නිසාම වැඩිහිටියන් ලෙස අප වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ කුමන කාරණා පිළිබදව ද යන්න මනා සේ දැනුවත් වීම ඉතාමත් වැදගත් වේවි.

අපිට හිතෙන්න පුළුවන් අපි හම්බ කරල කන්න බොන්න දෙනව නම්, උගන්නනව නම්, හැමදේම හොයල බලල කරනව නම් ළමයින්ට මොනවද තියෙන ප්‍රශ්න කියල. නමුත් අපි හිතනවට වඩා ළමා ලෝකය හරි වෙනස්.

ඉතින්, ළමුන් පිළිබදව අපි දැන ගත යුතු දේවල්, විශේෂයෙන් දරුවන්ගේ ජීවිත ගලා යන ආකාරය, ළදරු විය, ළමා විය, නව යොවුන් විය, යෞවන විය ආදී සියලුම ජීවන අවධීන් පිළිබදව අපට ඉතා වැදගත් වන මනෝ සමාජීය කරුණු කාරණා රැසක් ඉදිරියට පෙළ ගැස්වීමට අපි සූදානම්. ඔබ සූදානම්ද…?

මනෝ උපදේශිකා
අමා සුබසිංහ

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *