වෙසක් තෙමඟුලට පිබිදුණු පැතුමක්

කෙනෙකුට යහපතක් වෙන දේ කරන්නට….
අදිටන් කරගන්න ජීවත්වෙන ටිකට….
නිරතුරු අනෙකාට ගෞරවයක් දෙන්ට …..
හුරු වෙමු අපිත් බොදු පිළිවෙත් පිළිගන්ට ….

සම්බුදු තෙමගුලට දන්සැල් නුදුන්නත් …..
අඩි සිය ගණන් උස තොරණක් නොබැන්දත් …..
මල් වට්ටියක් වෙන්දේසිය නොයැව්වත් …..
ප්‍රතිපත්තියෙන් ගොඩ නගමුකො දැහැමි සිත් …..

මිල කළ නොහැක අවංකකම මිනිස්සුන්නේ…
කුමටද වංක වී ලොව ජීවත් වන්නේ …
අවංක කමින් ලැබ ගත් දේ පවතින්නේ ..
වංක වුනොත් සැනසුම නැත ඇති වෙන්නේ ….

මිනිසත් බව ලැබෙන්නේ පින් බලේටයි …
නොමිනිස් ගතිය ඇති වන්නේ පව් කළ හින්දයි…
සසරේ රුදුරු බව සිහි කළ යුතු ඇත්තයි…
යහපත් වීම තුළ මතු දින සරුසාරයි…

සාරධර්ම තුළ ජීවත් වී ඉන්නයි….
තම මව්බිමට කිසි වරදක් නොම වෙන්නයි..
වරදක් සිතට එන විට එය නොකරන්නයි….
පන්සිල් සුරකින්න හැමෝටම බුදු සරණයි …..

Facebook