දිරිය දියණි

දිරිය දියණි

අම්මේ

අම්මේ කාලෙකින් මං ගමට ආවේ දකින්නයි නුඹේ සිනහාවන්
ඇයිද අම්මේ නුඹේ මුහුණේ මේ පෙනෙන්නේ කඳුලුවන්
මහන මැෂිමේ දුකක් නෑ මට ඉන් වියන්නේ සිනහාවන්
දිනෙක නුඹ රැජිනක් කරන්නයි පුරනුයේ මං පෙරුම්දන්

තාත්තේ

බරැති උළුවහු දොර ජනෙල් හා පොර බඳින නුඹ තාත්තේ
මටද හිමිවිය නුඹේ ශක්තිය මම දුවයි නුඹේ තාත්තේ
සිනහා වී ඉමු මමයි නුඹගේ දිරිය දියණී තාත්තේ
දිනෙක සිටු පදවියක් දෙවනට දිරි දෙවනුමැන තාත්තේ

පියුමි චතුරිකා

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *