හරිත තිරසරින් මිහිලිය සරසන බ්‍රැන්ඩික්ස් අපි

හරිත තිරසරින් මිහිලිය සරසන බ්‍රැන්ඩික්ස් අපි

ලොවම පිළිගත් ඇඟලුම් සන්නාමයන් බොහෝමයකට ජීවය දෙන බ්‍රැන්ඩික්ස් යනු මෙරටට වැඩිම විදේශ විනිමයක් උත්පාදනය කර දෙනු ලබන දේශීයත්වයෙන් පරිපූර්ණ වූ ඇඟලුම් සන්නාමයකි. ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට ගිය පුළුල් දැක්මක් සහිත බ්‍රැන්ඩික්ස් පවුලේ සාමාජිකයින් ලෙසින් අපි සමාජයට මෙන්ම පරිසරයට ද අපගේ යුතුකම් මනාව ඉටුකරමින් සිටින්නෙමු. අන්‍යන්ට ගරු කරමින්, අවංකව, සාමූහික හැඟීමෙන් යුතුව විශිෂ්ටත්වය කරා ගමන් කරන එකම පවුලක දූ දරුවන් වන අපේ ඒ සාරධර්මයන්ගෙන් අපි මනාව පෝෂණය වී ඇත්තෙමු. ඒ නිසාම රටට සමාජයට පරිසරයට මෙහෙයක් සිදුකිරීමේ පරම පවිත්‍ර චේතනාව අපගේ ලෙයටම කාවැදී තිබෙන්නකි.
බ්‍රැන්ඩික්ස් සාරධර්මයන්ගෙන් සුපෝෂිත වී, පිබිදුණු විසඳුම් ලොවට තිළිණ කිරීමට කටයුතු කරන අපි වසර ගණනාවක් පුරාවට රටට මෙන්ම මිහිමවට අපෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකරමින් සිටින්නෙමු. 2007 වසරේදී ඇරඹී අපේ තිරසාරකත්වයේ ගමන් මග පුරාවට අප සමූහය වෙතින් ප්‍රතිලාභ ලැබූ පිරිස දහස් සංඛ්‍යාතය. අපගේ ඒ තිරසාරකත්වයේ ගමන්මග හේතුවෙන්ම අපි වරක් දෙවරක් නොව කිහිප වාරයක්ම අන්තර් ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ඇගයුම් ගණනාවකට පාත්‍රවී ඇත්තෙමු. ඒ අපගේ පරිසර හිතකාමී ගමනට අප ලද හොඳම ඇගයුමයි.
2007 වසරේදී ඇරඹි සීදූව හරිත කර්මාන්තශාලාව, 2017 වසරේදී ඇරඹි මඩකලපුව කර්මාන්තශාලාව සහ ඉන්පසුව ඇරඹි රඹුක්කන කර්මාන්තශාලාව යනු අපගේ පරිසර හිතකාමි මුලපිරීම් සඳහා වන හොඳම උදාහරණයි. මීට අමතරව ආහාර ඉවත හැරීම සීමා කර එලෙස ඉවත දමන අපද්‍රව්‍යවලින් කොම්පෝස්ට් පොහොර නිපදවීමේ වැඩසටහන්, සූූර්ය පැනල භාවිතයෙන් බලශක්තිය නිපදවීම, පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය ශූන්‍ය කිරීම, අප ආයතන පරිශ්‍ර තුළ ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්වීම ඇතුළු බොහෝමයක් වැඩසටහන් අප සමූහය පුරා සක්‍රීයව ක්‍රියාත්මක වේ.
පරිසරය වෙනුවෙන් අපගේ වන කැපවීම තව තවත් ශක්තිමත් කරමින් අපි 2023 වසරේදී සාක්ෂාත් කරගැනීම සඳහා පස් අවුරුදු තිරසාර වැඩසටහනක් 2019 වසරේදී ඇරඹුවෙමු. ඒ අනුව 2023 වසරේදී සඵල කරගැනීම සඳහා වායු ගෝලය, ජල ගෝලය සහ පෘථිවි ගෝලය සුරැකීම වෙනුවෙන් අපි අරමුණු සකස් කළෙමු.
වායුගෝල සඳහා වන අපගේ මුලපිරීම වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රය මගින් වායු ගෝලයට මුදාහැරෙන කාබන් ප්‍රමාණය ශූන්‍යය කිරීමයි. ඒ් සඳහා අපි 2019/20 මූල්‍ය වර්ෂය තුළ අපගේ ආයතන පරිශ්‍රයන්හි භාවිත කළ CFL විදුලි බුබුලු වෙනුවට LED විදුලි බුබුලු භාවිතය ආරම්භ කළ අතර මේ වනවිටද එම කටයුත්ත සිදුවෙමින් පවති. එපමණක් නොව කොග්ගල, සීදූව, මීරිගම, වතුපිටිවල, පොළොන්නරුව සහ බියගම ඇතුළු අපගේ ආයතන පරිශ්‍ර 10 ක් තුළ මෙගා වොට් 7 ක ධාරිතාවයෙන් යුතු සූර්යය බලශක්තිය නිපදවන්නෙමු. එමෙන්ම අපගේ ඉලක්කගත අරමුණු කරා යන ගමනේදී සූර්ය බලශක්තිය සහ ජෛව වායු වැනි පුනර්ජනනීය බලශක්ති භාවිතයෙන් බලශක්තිය උත්පාදනනය කිරීමේ කටයුතු ද අපි සිදුකරමින් සිටින්නෙමු. ඒ අනුව මේ වනවිට අප සමූහය පුරාවට මෙගා වොට් 9 ක සූර්ය බලශක්තියක් නිපදවන්නෙමු.
ජල ගෝලය සඳහා වන අපගේ මුලපිරීම වන්නේ ජල නාස්තිය ශූන්‍යය කිරීමත්, අපගේ සාමාජික සාමාජිකාවන් සියලු දෙනාටම පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කිරීමත් සහ උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍යයන් පරිසරයට මුදා හැරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමයි. එහිදී අපි අපගේ සාමාජික සාමාජිකාවන් හට පිරිසිදු පානීය ජලය පහසුකම සැපයීම සඳහා අප සමූහය පුරාවටම UV ජල පිරිපහදු කිරීමේ ඒකක ස්ථාපනය කළෙමු. එමෙන්ම ස්වභාවිකව අපට ලැබෙන වැසි ජලය කළමනාකරණය කිරීම මගින් ශූන්‍ය ජල නාස්තියක් පවත්වා ගන්නට සමත්වෙමු.
එමෙන්ම පෘථිවි ගෝලය සඳහා වන අපගේ පස් අවුරුදු අරමුණු වන්නේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ නැවත භාවිතයට ගැනීමයි. ඒ සඳහා අපි මේ වනවිටත් නවීන තාක්ෂණයෙන් යුත් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ඒකක අපගේ මඩකලපුව සහ රඹුක්කන ආයතනවල ස්ථාපනය කර ඇත්තෙමු. මෙලෙසින් අනාගත පරපුරේ අභිවෘද්ධිය උදෙසා අප විසින් අපට කළ හැකි සියලු කාර්යයන් සිදුකරමින් පරිසරය සුරැකීමට කටයුතු කරමින් සිටින්නෙමු. මෙම කටයුතු ශ්‍රී ලංකාවේ පිහිටි අප ආයතන පරිශ්‍රවල මෙන්ම ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ පිහිටි කර්මාන්තශාලා පරිශ්‍රවල ද සිදුකරන්නෙමු.
අප සොබාදහමට ගරුකරන, ආදරය කරන මෙන්ම අවංක වන තරමටම සොබාදහම ද අපහට ප්‍රතිචාර දක්වනු ලබයි. සොබාදහමට ගරු කරන සුවිසල් පවුලක අවංක සාමාජිකයින් ලෙසින් අපි එකාවන්ව එකතු වී පරිසරය සුරැකීමේ ඒ විශිෂ්ට කාර්යයට අපගේ උපරිමයෙන් කටයුතු කර මතු පරම්පරාවට සුන්දර ලෝකයක් තිළිණ කරමු.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *