අපගේ ජීවනාලිය සොබාදහමයි. එබැවින් අපට පණ නල සපයන සොබාදහම අපි හැකි උපරිම අයුරින් රැකගත යුතුය. සොබාදහමේ සැබෑ වටිනාකම හොඳින්ම හඳුනන ආයතනයක් ලෙසින් අප බ්‍රැන්ඩික්ස් සමූහය සෑමවිටකම කටයුතු කරනු ලබන්නේ ස්වභාවධර්මය සුරැකෙන අයුරින් අපගේ නිෂ්පාදන කටයුතු සිදුකරගෙන යාමට ය.
ජාත්‍යන්තර මට්ටමේ මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ, ඇගයුම් යනු බ්‍රැන්ඩික්ස් පවුලේ අපට අලුත් යමක් හෝ නුහුරු නුපුරුදු යමක් නොවේ. අපගේ නිෂ්පාදන ඉලක්කයන් සපුරාගනිමින් අප ඒ අංශයෙන් සම්මානයන්ට පාත්‍ර වනවිට අනෙක් පසින් අපි සමාජ සේවාවන් සම්බන්ධයෙන් සම්මානයන්ට පාත්රවන්නෙමු. අපගේ සමාජ මෙහෙවරේ සුවිසල් අදියර වන්නේ පාරිසරික තිරසාරකත්වය සම්බන්ධයෙන් අප විසින් දියත් කරනු ලැබූ වැඩසටහන් මාලාවයි. පරිසරයට බ්රැන්ඩික් පවුලේ වන බැඳීම ගසට පොත්ත මෙනි. ඒ නිසාම අපි අපගේ නිෂ්පාදන ඉලක්කයන් සපුරා ගැනීමේදී ඒ හා සමානවම පරිසරයට අපෙන් විය යුතු යුතුකම් ඉටුකිරීම සඳහා කටයුතු කළෙමු.
පරිසරය සුරැකීම සම්බන්ධයෙන් වන අපගේ යෝධ මුලපිරීම සිදුවන්නේ 2007 වසරේදීය. ඒ සීදූව හරිත කර්මාන්ශාලාව අරඹමිනි. එම වසරේදීම අපි එම කර්මාන්තශාලාව සඳහා අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වූයෙමු. ඒ එක්සත් ජනපද හරිත ගොඩනැගිලි කවුන්සලයේ හරිත ගොඩනැගිලි ඇගයුම් පද්ධතිය වෙතින් ලීඩ් ප්ලැටිනම් සම්මානය හිමිකර ගත් ලොව පළමුවන ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත්වෙමිනි. ඒ අපගේ හරිත පෙරලියේ ආරම්භය සහ ඒ සඳහා ලද පළමු සම්මානයයි.
ඉන්පසු අප 2009 වසරේදීද අපගේ පාරිසරික තිරසාරකත්වය උදෙසා සම්මානයට පාත්රවූවෙමු. ඒ රත්මලාන බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් කේන්ද්‍රස්ථාන ගොඩනැගිල්ල සම්බන්ධයෙනි. ඒ සඳහාද අපි එක්සත් ජනපද හරිත ගොඩනැගිලි කවුන්සලයේ හරිත ගොඩනැගිලි ඇගයුම් පද්ධතිය වෙතින් ලීඩ් රන් සම්මානය හිමිකර ගනු ලැබූවේ එම සම්මානය ලත් ශ්‍රී ලංකාවේ පළමු වාණිජ ගොඩනැගිල්ල බවට පත්වෙමිනි. 2009 වසරේදීම අපි තවත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබුවෙමු. 2010 වසරේ දී සීදූව හරිත කර්මාන්තශාලාව ජාතික මට්ටමේ සම්මානයකට පාත්රවිය.
නැවත වතාවක් අපි ලීඩ් රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ 2011 වසරේදී ය. ඒ අප සමූහයේ කොග්ගල එසෙන්ෂල්ස් ආයතනය සඳහායි. එමෙන්ම 2011 වසරේදී සීදූව හරිත කර්මාන්තශාලාව ද ඇගයුමට ලක්විය. ඒ ISO 50001:2011 ප්‍රමිති සහතිකය දිනාගනිමිනි. මෙම ප්‍රමිති සහතිකයෙහි විශේෂත්වය වන්නේ එය ලද ලොව පළමු ඇඟලුම් නිෂ්පාදන ආතයනය වන්නේත්, එමෙන්ම සියලු කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ලොව තෙවන ආයතනය වන්නේත් අප සීදූව හරිත කර්මාන්තශාලාව වීමයි.
2012 වසරේදී අප සමූහය බලශක්ති කාර්යක්ෂමතාවය සඳහා ජාතික මට්ටමේ සම්මාන හතරකින් පිදුම් ලැබීය. ඉන් අනතුරුව 2013 වසරේදී ද සම්මානයන් ද්විත්වයක් දිනාගැනීමට අප සමූහයට හැකි විය. 2014 වසර අප සම්මාන සටහනට එක්වන්නේ පරිසරය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ සම්මාන ත්‍රිත්වයක් දිනාගත් වසරක් වශයෙනි. 2015 වසර සඳහා අප දිනාගත් සම්මානයන් ද්විත්වයම දිනාගනු ලැබුවේ මූලස්ථාන ගොඩනැගිල්ල සඳහා ය.
ඉන් අනතුරුව 2018 වසරේදී අපගේ මඩකලපුවේ පිහිටි එසෙන්ෂල්ස් ආයතනය ලීඩ් ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූ අතර එසේ පිදුම් ලැබූයේ ලොව දෙවන විශාලතම ප්ලැටිනම් සම්මානලාභී ආයතනය ලෙසින් වීම සුවිශේෂී කරුණකි. එමෙන්ම එම වසරේදීම එම ආයතනය දේශීයවද ඇගයීහට පාත්රවිය. එපමණක් නොව එම ආයතනය 2019 වසරේදී ද ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමකට ලක් වූයේ පරිසරයට කාබන් මුදාහැරීම ශූන්‍ය අගයක පවත්වාගත් ලොව පළමු ඇඟලුම් ආයතනය ලෙසින් ඉතිහාසයට ද එක්වෙමිනි.
සම්මාන ඇගයුම් බලාපොරොත්තුවෙන් සිදු නොකළත් මෙලෙසින් අන්තර්ජාතික සහ ජාතික මට්ටමෙන් අප සමූයට ඇගයුමට පාත්රවීමෙන් අපගේ පරිසරය සුරැකීමට දරන උත්සහය සාර්ථක කාර්යයක් බව මනාව පසක් වේ. සැබැවින්ම මෙවැනි පරමාර්තයන් සහිත පවුලක සාමාජිකයින් වීමට ලැබීම අපට ගෞරවයකි.