පණ නළ

පණ නළ

සීතල පිණි බිඳු වැටෙන උදෑසනේ
හිරුටත් පෙර උදේ රැයින් අවදි වුණේ
මිහිරි හඬින් ගී කියලා කුරුල්ලනේ
අනාගතය ජය ගන්නා දියණියනේ

දිරිය කතුන් පණ නංවන මෙපින් බිමේ
ඉඳිකටු තුඩට පණ දෙන්නයි පිය නැගුවේ
අසරණ වුණේ නැත කවදත් නිවසයි මේ අපගේ
මල් ඵල දරන දිනක් දැන් අපට ඇතේ

බ්‍රැන්ඩික්ස් අපේ නාමය ලොව දසත දිලේ
ඒ දෙසටයි පිය නැගුවේ අපිත් අනේ
ඉඳිකටු තුඩින් අප පණ නළ ගැට ගැහුණේ

ඉඳිකටු තුඩේ ආඩම්බරේ දසත දිලේ
දිරිය කතුන් අත්වැල් බැඳි රුකක් වගේ
දිරිය නිසා ගොඩ නැගු ඒ අනාගතේ
දිනන දියණි නාමය අප හැම දන්නේ

සනෝජා හේමාලි

Facebook