අපේ බ්‍රැන්ඩික්ස් පවුල සැදී තිබෙන්නේ හැකියාවන්ගෙන් වගේම හදවතිනුත් පොහොසත් මිනිසුන්ගෙන්. ඒ නිසාම තමයි අපි අන්යන් අතර සුවිශේෂී වන්නේ. බ්‍රැන්ඩික්ස් සාරධර්මයන්ගෙන් වගේම අපේකමින් පොහොසත් අපි සෑම මොහොතකම කටයුතු කරන්නේ තවත් කෙනෙක්ට සතුටක් පිහිටක් වීමේ පරමාර්ථයක් සිත් තුළ රඳවා ගනිමිනුයි.
වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන M D නලීන් ප්‍රියන්ත බ්‍රැන්ඩික්ස් සමූහය හා එක් වන්නේ 2005 වසරේදීයි. නලින් කියන්නේ හදවතින් ඉතාමත් පොහොසත් බ්‍රැන්ඩික්ස් සාමාජිකයෙක්. ඔහු 2015 වසරේ සිට 2020 වසර දක්වා සෑම වසරකම බ්‍රැන්ඩික්ස් රුධිර පරිත්‍යාග වැඩසටහන හරහා අඛණ්ඩව රුධිරය පරිත්‍යාග කළ අභිමානනීය බ්‍රැන්ඩික්ස් සාමාජිකයෙක්. තමන්ගේ සිරුරේ ගලා යන උණුසුම් රුධිර බිඳුවකින් තවත් කෙනෙක්ගේ ජීවිතයක් රැකගන්නට ලැබෙනවා නම් එය කොතරම් පුණ්‍ය කර්මයක් ද? ඉතින් නලින් කියන්නේ, මේ පුණ්‍ය කර්මය වාර්ෂිකවම සිදුකරන කෙනෙක්. මෙලෙසින් වාර්ෂිකව රුධිරය පරිත්‍යාග කිරීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ මානසික සුවයක්. එමෙන්ම ඉතාමත් සතුටින්, ප්‍රබෝධයෙන් යුතුව රාජකාරියෙහි යෙදෙන ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වන්නේ ආයතනය තුළ දී මෙන්ම ආයතනයෙන් පිටතදීත් හැකි තරමින් රුධිර පරිත්‍යාග කිරීමයි.
රුධිරය අවැසි වන්නේ සාමාන්‍යයෙන් ඖෂධයකින් පමණක් ප්‍රතිකාර කර සුවපත් කළ නොහැකි රෝගීන්ටයි. එවන් තත්ත්වයකට පත් වූ කෙනෙක් බොහෝවිට ජීවිතයත් මරණයන් අතර ලොකු සටනක යෙදෙනවා. එපමණක් නෙවෙයි එම රෝගියාගේ සමීපතමයිනුත් එවන් තත්ත්වයකදී ඉතාමත් අසරණ තත්ත්වයක පත්වෙනවා. එවන් අවස්ථාවන්ට මුහුණ දුන් කී දෙනෙකුට නම් සතුටක්, ජීවයක් ලබා දෙන්නට නලීන්ට හැකි වන්න ඇත්ද?
මෙලොව සිදු කළ හැකි දානමය පුණ්යකර්ම අතර ප්‍රමුඛතම පුණ්‍ය කර්මයක් වන්නේ තම සිරුරේ කොටසක් දන්දීම. රුධිර පරිත්‍යාගය අයත් වන්නේත් මේ කොටසටයි. මෙලෙසින් අහිංසක රෝගී ජීවිත ගණනාවකට යළි පණ දෙන්නට නලීන්ගේ සිරුරේ නිපද වුණු රුධියට හැකි වී තිබෙනවා. මෙවන් ප්‍රබෝධවත් සාමාජිකයින් සැබවින්ම අපට අභිමානයක්. අවසන් වශයෙන් නලීන්ගේ උතුම් ප්‍රාර්ථනය එලෙසින්ම ඉටු කිරීමට හැකිවේවායි වියමන් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.