හරිත තිරසරින් ලොවක් ජයගෙන දැයට පුදදුන් අපේ තිළිණය

හරිත තිරසරින් ලොවක් ජයගෙන දැයට පුදදුන් අපේ තිළිණය

ඒ 2008 වසරේ අගෝස්තු මස එක්තරා දිනයකි. එය, බ්‍රැන්ඩික්ස් පවුලේ සාමාජිකයන් ලෙසින් මෙන්ම ශ්‍රී ලාංකිකයින් ලෙසින් ද මුළු මහත් ලොවක් හමුවේ අභිමානයට පත්විමට අපට හැකි වූ දිනයකි. එයට හේතුව වන්නේ එක්සත් ජනපද හරිත ගොඩනැගිලි කවුන්සලයේ හරිත ගොඩනැගිලි ඇගයුම් පද්ධතිය වෙතින් ලීඩ් ප්ලැටිනම් සම්මානය හිමිකර ගත් ලොව පළමුවන ඇඟලුම් කර්මාන්තශාලාව ලෙසින් අපගේ සීදූවේ හරිත කර්මාන්තශාලාව පිදුම් ලැබීමයි. කවදත් පරිසරයට ආදරය කරන බ්‍රැන්ඩික්ස් පවුලේ පරිසරය වෙනුවෙන් වූ යෝධ කැපවීම ජාත්‍යන්තර මට්ටමෙන් ඇගයුමට පත් වූ පළමු අවස්ථාව වන්නේ එයයි.

සීදූව හරිත කර්මාන්තශාලාව ලෙසින් අපි කවුරුත් හරි ආදරයෙන් ගෞරවයෙන් ඇමතු එම කර්මාන්තශාලාව අද වනවිට තවත් සුවිශාල සමාජ මෙහෙයකට සූදානම් වී හමාරය. වසරකටත් වැඩි කාලයක් තුළ පියවි ඇසටවත් නොපෙනෙන කෝවිඩ් – 19 නම් වූ සතුරා මුළු මහත් ලෝකයම සිය අනසක යටත ගෙන ඇති බව අපි හොඳාකාරයෙන් දනිමූ. ඒත් සමගින් මුළු මහත් ලෝකයේම ආර්ථිකය කඩා වැටී හමාරය. තුන්වන ලෝකයේ පුංචි රටක් ලෙසින් ශ්‍රී ලංකාවේ අපට ද එය ඉතාමත් මරු පහරක් වී තිබේ. මෙරට වැඩිම විදේශ විනිමය උද්පාදක ලෙසින් එය බ්‍රැන්ඩික්ස් පවුලටත් සමස්ත ශ්‍රී ලංකා ආර්ථිකයටත් එය දැඩි බලපෑමක් සිදු කර තිබේ. නමුත් එවන් උද්වේගකාරී වාතාවරණයක් තූළත් අපි අපේ සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් අපෙන් ඉටුවිය යුතු යුතුකම් මනාවට ඉටු කරමින් සිටින්නෙමු. පළමු කෝවිඩ් රැල්ලත් සමගින් ඇති වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන ගැටලුවට පිළියමක් ලෙසින් අපි අපගේ පූනානි කර්මාන්තශාලාව කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථායක් ලෙසින් පිරි නැමුවෙමු. ඉන් අනතුරුව රඹුක්කන පිහිටි අප කර්මාන්තශාලාව ද කෝවීඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා පිරිනැමුවෙමු. අද වනවිට අප සමූහය වෙතින් කෝවීඩ් ප්‍රතිකාර කටයුතු සඳහා පිරිනමන තෙවන කර්මාන්තශාලා පරිශ්‍රය ද ජනසතු කිරීමට අපට හැකි වී තිබේ. ශ්‍රී ලංකා යුධ හමුදාව සමග සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ කෝවීඩ් – 19 රෝගීන් සඳහා වන විශාලතම රෝහල ලෙසින් සැකසෙන්නේ ඉහත සඳහන් කළ අප සීදූව හරිත කර්මාන්තශාලාවයි.

මෙලෙස කෝවීඩ් ප්‍රතිකාර මධ්‍යස්ථායනක් ලෙසින් සැකසෙන මෙම මධ්‍යස්ථානයේ වන සුවිශේෂීත්වය වන්නේ සතියක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළ රෝහලක් ලෙසින් සකසන මෙය හදිසි ප්‍රතිකාර ඒකකයක්, හුදකලා කිරීමේ අංශ, පුනර්ජීවන අංශ, දැඩි සත්කාර ඒකක, ඖෂධ ශාලා ඇතුළු සියලු සෞඛ්‍යය පහසුකම්වලින් සමන්විත වීමයි. එමෙන්ම මෙහි ධාරිතාවය ඇඳන් 1200 ක් වෙයි. ලොවටම ආදර්ශයක් වෙමින් හරිත කර්මාන්තශාලාවක් ලෙසින් කටයුතු කළ මෙහි ස්ථාපිත කළ රෝහල සඳහා ද සූර්ය බලශක්තිය, වායුසමීකරණ ඇතුළු සියලු පරිසර හිතකාමී පහසුකම් අන්තර්ගත වෙයි. මෙලෙසින් කාලීන සමාජීය අවශ්‍යතාවයකට සුදුසුම විසඳුම තිළිණ කිරීමට හැකිවීම පිළිබඳව බ්‍රැන්ඩික්ස් පවුලේ සාමාජිකයින් ලෙසින් අපට ඇත්තේ නිහතමානී සතුටකි.
බ්‍රැන්ඩික්ස් අපේ ඒකායන පරමාර්ථය වන්නේ පිබිදුණු මිනිසුන් ලෙසින් පිබිදුණු විසඳුම් තිළිණ කිරීමයි. බ්‍රැන්ඩික්ස් අපි පිබිදෙන්නේ ගරු කිරීම, අවංකත්වය, කණ්ඩායම් හැඟීම සහ විශිෂ්ඨත්වය යන අපගේ සාරධර්ම මතිනි. එකී සාරධර්ම තුළින් පිබිදෙන අපි පිබිදුණු විසඳුම් ලොවට තිළිණ කරන්නෙමු. අපි ජයග්‍රහණය ලබන්නේ ඒ පිබිදුණු විසඳුම් මතිනි. ඒ ජයග්‍රහණයන් හරිත තිරසරින් මිහිමවත්, දැයට සෙනෙහසින් සමාජය හා බෙදා හදා ගන්නේ අන් අයද පුබුදුවාලමිනි. ඒ බ්‍රැන්ඩික්ස් අපේකමයි.

ඒ අපේකමට මේ එක් උදාහරණයක් පමණි

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *