සමාජ සත්කාරය කියන්නේ බ්‍රැන්ඩික්ස් පවුලේ අපිට නම් නුහුරු දෙයක් නෙවෙයි. අපි අපේ ව්‍යාපාර අරමුණු කරා යන අතරම අපෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් වගේම වගකීම් නොපිරිහෙලා ඉටු කරනවා. එහිදී අපි අපගේ සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පදනම් කරගෙන වගේම ඉන් බාහිර සමාජයටත් විවිධාකාරයෙන් මෙහෙයන් ඉටුකර තිබෙනවා මෙන්ම ඉදිරියටත් ඉටුකරනවා.
අපගේ සමාජ වගකීම පිළිබඳව කතා කරනකොට අමතක කරන්නම බැරි පිරිස තමයි බ්‍රැන්ඩික්ස් සමාජ සත්කාරක අංශය කියන්නේ. හරියට ගහක අරටුව වගේ අපේ සියලු සමාජ සත්කාරක කාර්යයන්වලට ශක්තිය දෙන්නේ අපේ ආයතනික සමාජ සත්කාර ඒකකයයි. බ්‍රැන්ඩික්ස් අපගේ වන විශේෂත්වය වන්නේ රටේ කුමන ආකාරයේ ගැටලුවක් අර්බුධයක් ඇතිවුණත් එහිදි අපට හැකි උපරිම ආකාරයෙන් ඒ සඳහා අපගේ සමාජීය වගකීම් ඉටු කිරීමයි.
මේ වනවිට ශ්‍රී ලංකාව පමණක් නෙවෙයි මුළු ලෝකයන ඉතාමත් දරුණු ව්‍යවසනයකට මූණ දී සිටින බව අපි කවුරුත් දන්නවා. ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්රයක් විදියට එය අපිට ඉතාමත් තදින බලපානවා. නමුත් මේ කිසිම දෙයකට අපගේ සමාජ වගකීමට නම් බාධාවක් කරන්න බැහැ. අපි දිගින් දිගටම අපට හැකි උපරිම අයුරින් අපෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම් ඉටුකරමිනුයි ඉන්නේ. මේ සඳහා උදාහරණ ලෙසින් ඉතාමත් මෑතකදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ අප විසින් සිදුකළ සමාජ සත්කාරයන් කිහිපයක් දක්වන්න පුලුවන්. මිනුවන්ගොඩ පොලිස් ස්ථානය කියන්නේ දිනකට බොහෝ දෙනෙක් විවිධාකාරයේ ප්‍රශ්න ගැටලු හේතුවෙන් සේවාව ලබාගැනීමට පැමිණෙන ස්ථානයක්. නමුත් එම පොලිස් ස්ථානයේ වහළය පැවතුනේ අබලන් තත්ත්වයක. එය පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙන්ම සේවාවන් ලබා ගැනීමට පැමිණි පිරිසද අපහසුතාවයට පත්කළ හේතුවක්. මේ සඳහා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සහ අපගේ සමාජ සත්කාරක අංශයේ මැදිහත්වී එහි වහළ පිළිසකර කරදීමට හැකි වුණා. එපමණක් නෙවෙයි, පොලිස් නිල නිවාසයේ අඩු පාඩුවක්ව පැවති විදුලිපංකා සවිකර දීමට ද අපිට හැකි වුණා.
එමෙන්ම මේ දිනවල වැඩි පිරිසක් යන එන වගේම වැඩි සමාජ අවධානයක් යෙමු වෙලා තියෙන තැනක් තමයි මහජන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාල කියන්නේ. එලෙසින් විශාල පිරිසකට අමිල සේවයක් ඉටුකරන නමුත් අබලන් තත්ත්වයේ පැවති මිනුවන්ගොඩ මහජන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සියලුම උපකරණ ඇතුළු සම්පූර්ණ කාර්යාලයම පිළිසකර කර තීන්ත ආලේප කර වර්ණ ගැන්වීමට අපට හැකි වුණා.
අපගේ සමාජ සත්කාරයේ අවදානය මිනුවන්ගොඩට පමණක් යොමු වුණේ නැහැ. අපි රිදීගම බ්‍රැන්ඩික්ස් ආයතනය සමගින් එකතුව මදුරාවල පොලිස් ස්ථානයට ඉතාමත් අත්යාශ්යව පැවති පොලිස් මුරපොළ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවා. අද එම නිසා ඒ ප්‍රදේශ වැසියන්ට සුවිශාල සේවයක් ඉටුවන අතරම පොලිස් නිලධාරීන්ටත් ඔවුන්ගේ කටයුතු සඳහා ඉතාමත් පහසුවක් වී තිබෙනවා.
එපමණක් නෙවෙයි, කෝවිඩ් රෝග ව්‍යාප්තියක් සමගින් ගාලු කලාප වෛද්‍ය සේවයට ඉතාමත් අත්‍යාවශය අංගයක්ව පැවති රෝහල් ඇඳන් සහ මේටට සියයක් පරිත්‍යාග කිරීමටත් කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයට සහ අපගේ සමාජ සත්කාරක අංශයට හැකියාව ලැබී තිබෙනවා. මේ අප විසින් ඉතාමත් මෑත කාලයේ සිදුකරන ලද සමාජ මෙහෙවරයන්වලින් කිහිපයක් පමණයි. සමාජය පිළිබඳව ගෞරවනීය හැඟීමකියන් අවංකව කටයුතු කරන බ්‍රැන්ඩික්ස් සාරධර්මයන්ගෙන් පෝෂිත අපිට, අපේකම පිළිඹිබු කරමින් තවත් මෙවැනිවූ සමාජ සත්කාරයන් ඉදිරියටත් සිදුකිරීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමු.