දුවේ පුතේ ඉතා හොඳින් මේ ටික නුඹේ හිතට ගන්න...

දුවේ පුතේ ඉතා හොඳින් මේ ටික නුඹේ හිතට ගන්න...

එකිනෙකාට ගරු කරන්නේ මනුස්සකම දන්න අයයි….
ගරු කිරීම දන්නේ අපේ සමාජයේ බොහොම ටිකයි….
නැති බැරි අය ඇති හැකි අය හැමටම ගරු කළ යුතුමයි….
ජීවිතයෙන් සමුගනිද්දී ගෙන යන්නේ කළ හොඳමයි….

අවංක නම් ඔබ සැමදා ඒක ඔබේ හැඩය වේවි….
වංක වුණොත් ඔබ යමෙකුට ඒක වරිගෙ ගතිය වේවි….
දැනුමෙන් ඔබ පෝෂිත නම් ඔබේ දිවිය ජය ගනීවි….
ගුණ දහමින් පිරුණු දාට ඔබේ නමට මල් පිදේවි….

එක බත්පත එකතුවෙලා කන්නට අද නොහැකි වුනත්….
හිතේ තියෙන එකමුතුකම අමතක නැහැ නොවැ කාටත්….
රංචු ගැහිලා එකතුවෙලා කෙළිසෙල්ලම් නොකළ නමුත්….
හිතේ තියෙන අපේ කමට බාධා නැහැනේ කොතනත්….

ගරුත්වයට අවංකකම එකමුතුබව ආපු දාට….
ඔබේ ගමන නවතන්නට බැහැ කිසියම් පිරි වරකට….
විශිෂ්ටයෙකු වෙන්නට නම් නිරතුරු පුහුණුවෙ යෙදෙන්න….
ඔබේ සිහින මිලින වෙන්න එපා ඉතින් ඉඩක් දෙන්න….

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *