ජාතික තලයේ බැබළෙන බ්‍රැන්ඩික්ස් හරිත මෙහෙවර

ජාතික තලයේ බැබළෙන බ්‍රැන්ඩික්ස් හරිත මෙහෙවර

හරිත සංකල්පය බ්‍රැන්ඩික්ස් පවුලේ අපට නුපුරුදු යමක් නොවෙයි. දැන් එය අපේ ලෙයටම කාවැදී තිබෙන, බ්‍රැන්ඩික්ස් පවුලේ අපි සැවොම එකාවන්ව අනාගත පරපුර වෙනුවෙන්, සොබාදහම වෙනුවෙන් ඉටුකරන යුතුකමක් බවට එය පත්වෙලා. අපගේ මෙම හරිත තිරසර පිළිබඳව ආයතන මට්ටමින් මෙන්ම බ්‍රැන්ඩික්ස් සමූහය ලෙසින් අපි නීරන්තරයෙන් අලුත්වන තොරතුරුත් සමග සාමාජික ඔබව දැනුවත් කරනවා. මේ නිසාම බ්‍රැන්ඩික්ම් පවුලේ අපි මේ පිළිබඳව හොඳින්ම දන්නවා.

අපගේ මෙම හරිත තිරසර කෙරතම් සාර්ථකද කියයනවා නම් ඒ පිළිබඳව ජාතික මට්ටමේ පුවත්පතක ඉතාමත් සුවිශේෂී ලෙසින් සඳහන් වුණා. ඒ පසුගිය  ජූලි 11 වැනිදා නිකුත් වූ සිළුමිණ පුවත්පතෙයි. “හරිත සංකල්පයට දිරි දෙන බ්‍රැන්ඩික්ස්” යන ශීර්ෂය යටතේ ලියා තිබූ එම ලිපිය සම්පාදනය කර තිබුනේ බ්‍රැන්ඩික්ස් ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අකිල ප්‍රනාන්දු මහතා සමග පවත්වන ලද සාකච්ඡාවක් ඇසුරිනුයි.

එම ලිපියෙහි පරිසරය සුරැකීම සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් ආයතනය දියත් කර තිබෙන වැඩසටහන් පිළිබඳව සැකෙවින් දක්වා තිබෙනවා. පිබිදුණු මිනිසුන් ලෙසින් පිබිදුණු විසඳුම් ලොවට තිළිණ කරන බ්‍රැන්ඩික්ස් අපි ජල ගෝලය, වායු ගෝලය සහ මිහිතලය සුරැකීමට ගෙන ඇති පියවර පිළිබඳවත් සඳහන් කර තිබෙනවා.

මීළඟට එම ලිපියෙහි සඳහන් වන්නේ “බ්‍රැන්ඩික්ස් හරිත තිරසර” යටතේ ක්‍රියාත්මක වෙන අනෙකුත් වැඩසටහන් පිළිබඳවයි. එහිදි ඇඟලුම් ක්ෂේත්‍රය නියෝජනය කරන ආයතන සමූහයක් ලෙසින් අපගේ පරිසර දායකත්වය වෙනුවෙන් ඇගයීමට පාත්‍ර කළඅන්තර්ජාතික සම්මානයන් පිළිබඳවත් සටහන් කර තිබෙනවා.

එපමණක් නෙවෙයි, බ්‍රැන්ඩික්ස් සමාගම කාබන් විමෝචනය ශූන්‍ය මට්ටමේ පවත්වාගන්නා ආකාරය පිළිබඳවත් එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා. එමෙන්ම මෙවන් උතුම් සංකල්ප ක්‍රියාත්මක කිරීමේදී සාමාජික සාමාජිකාවන් වෙතින් ලැබෙන අතිමහත් සහයෝගය පිළිබඳවත් එහි සඳහන්. 

අවසාන වශයෙන්, මේ වසරේදී පරිසර සමුළුවක් පැවැත්වීම මගින් මේ ක්ෂේත්‍රයට ලබාදෙන පණිවිඩය පිළිබඳවත් එහි සඳහන් කර තිබෙනවා. මෙලෙසින් බ්‍රැන්ඩික්ස් හරිත තිරසර පිළිබඳව විස්තරාත්මකව සකසා ඇති මෙම ලිපිය මගින් පරිසරය සුරැකීමේ අපේ සද්කාර්යය සමාජගත කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *