ජීවිතයත් හරියට ගඟක් වගෙයි. මේ ජීවන ගඟ ගලා යද්දි විවිධාකාරයේ අභියෝගයන්ට, ගැටලුවලට මුහුණ දෙන්න අපිට සිද්ධවෙනවා. හරියට වංගු වංගු හැරි හැරී ගල් කුළුවල හැපි හැපී ගලන ගඟක් වගේම. අපේ ජීවන ගමනේදි මෙතෙක් කාලයට අපි මුහුණ දුන් විශාලම අභියෝගය වන්නේ කෝවවිඩ් වසංගත තත්ත්වයයි. පියවි ඇහැටවත් නොපෙනෙන මෙම වෛරසය අපිව විතරක් නෙවෙයි ලෝකයේ මහාබලවතුන්ව පවා දණින් වට්ටන්නනට අද වනවිටත් සමත්වෙලා. එය ඇහැටවත් නොපෙනෙන නිසාවෙන් එහි පැතිරීමේ අවධානම අඩු කරන්න, රෝග ව්‍යාප්තිය අවම කරන්න විද්‍යාවටත් තවම පුළුවන් වෙලා නෑ. රෝගය පැතිරීම වැළැක්වීම සඳහා විද්‍යාත්මකව යමක් සොයා ගන්න බැරි උනත් රෝගය මැඩලීම සඳහා අවශ්‍ය වන ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවන්න ලොව සමහර විද්‍යාඥයින් සමත් වී සිටිනවා. ඒ නිසාම අද වනවිට ලොව පුරාම මෙම ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.
බ්‍රැන්ඩික්ස් පවුලේ අපිට වටිනාම සම්පත වන්නේ අපේ මානව සම්පත. බ්‍රැන්ඩික්ස් අපේකමෙන් පෝෂිත අපි සෑමවිටකම ඒ මානව සම්පත සුරකින්න වගේම ඔවුන්ගේ යහපත තකා කටයුතු කරනවා. කෝවිඩ් රෝග ව්‍යාප්තියත් සමග රටම විවිධාකාරයේ ගැටලුවලට මුහුණපාද්දි අපිටත් ඒ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණා. ඒත් අපේ මානව සම්පත වන අප සාමාජික සාමාජිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙන්ම සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අපි සෑමවිටකම උපරිමයෙන් කටයුතු කළා. මේ වනවිටත් මෙරට තුළ කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වුණත් එය ක්‍රියාත්මක වන්නේ දැඩි අවදානම් කණ්ඩායම් මූලික කරගෙන. නමුත් අපේ සාමාජික සාමාජිකාවන්ගේ සුරක්ෂාව ගැන හිතන අපි අපේ ආයතන මට්ටමෙන් ප්‍රතිශක්තීකරණ වැඩසටහන ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව අප සමූහයේ ආයතන සියල්ලෙහිම පාහේ මේ වනවිට කෝවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සිදු වෙනවා සමහර ආයතනවල මේ වනවිටත් පළමු මාත්‍රාව ලබා දී අවසානයි. මෙලෙසින් අපගේ සාමාජිකයින්ගේ සෞඛ්‍යය ආරක්ෂාව තහවුරු කිරීමට අපට හැකිවීම පිළිබඳ අපි සතුටු වෙන අතරම අප සමූහය පුරාවටම ඉතාමත් ඉක්මනින් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකිවීම අප ලද ජයග්‍රහණයක්.