R J K කරුණානන්ද එහෙමත් නැත්නම් රණතුංග කරුණානන්ද කියන්නේ මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නම රැන්දූ අති දක්ෂ මලල ක්‍රීඩකයෙක්. ඔහු 1957 වර්ෂයේදී ජාතික ජවන හා පිටිය ශූරතාවලියේදී මීටර් 5000 ධාවන ඉසව්වෙන් තෙවන ස්ථානය ලබා ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව ඔහු 1962 වර්ෂයේදී ද එම තරගයෙන්ම තෙවන ස්ථානය ලබා ගත්තා. ඉතාමත් මහන්සිවී පුහුණුවීමෙන් අනතුරුව ඔහු 1963 වසරේදී මීටර් 5000 මිනිත්තු 15 තත්පර 18.2 කින් නිමා කරමින් ජාතික ශූර්තාවය දිනා ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ පළමු රෙජිමේන්තුවේ කෝප්‍රල්වරයකු ලෙස සේවය කරමින් සිටියදී මෙම ජයග්‍රහණය ලැබීමට ‘කරු’ ට හැකි වුණා.
එම වසරේම ආරක්ෂක සේවා නියෝජනය කරමින් ඔහු මීටර් 5,000 ඉසව්ව මිනිත්තු 14 තත්පර 56.8 කින් ජයග්‍රහණය කළ අතර නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරමින් එවකට පැවති මිනිත්තු 15 තත්පර 2.0 තත්පර වාර්තාව බිඳ දැම්මා.
ඔහු යුධ හමුදා මීටර් 10000 ධාවන තරගය ජයග්‍රහනය කළේ මිනිත්තු 25 තත්පර 0.2 කින්. ඔහුගේ ඒ දක්ෂතාවයන් නිසා ‘කරු’ 1964 දී ටෝකියෝ ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුණා.
ටෝකියෝ හි පැවති ඔලිම්පික් උළෙලේදී මිනිත්තු 34 යි තත්පර 21.6 ක කාලයක් තුළ මීටර් 10,000 ඉසව්වෙන් 29 වැනි ස්ථානයට පත්වෙන්න ඔහුට හැකි වුණා. තරගාවලියේ අවසානය වනවිට ඔහු අවසන් වට තුනම තනිවම ධාවනයේ යෙදුණා. ඔහුගේ ඒ ධෛර්යය අගයමින් ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලු දෙනාම අසුන්වලින් නැගී සිට අත්පොලසන් දෙමින් ඔහුව අගයනු ලැබුවා.
මේ ශ්‍රී ලංකා ධාවන ශූරයා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වීරයා බවට පත්වූයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අරමුණ වන ජයග්‍රහණයට වඩා සහභාගීත්වය වැදගත් බව පෙන්වීමට ඔහු දැක්වූ අධිෂ්ඨානශීලීත්වය නිසාවෙනුයි.
ප්‍රබෝධවත් ශ්‍රී ලාංකිකයෙකු ලෙසින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී එලෙසින් ආදර්ශමත් වූ මේ ශ්‍රේෂ්ඨ ධාවන ශූරයා 1974 වසරේ දෙසැම්බර් මස අම්පාර ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් සිය දිවි ගමන හමාර කරන ලද්දේ වයස අවුරුදු 38 දී යි