ජාතික ඔලිම්පික් සංචිතයට පිබිදුණු විසඳුම් තිළිණ කරන බ්‍රැන්ඩික්ස් අපි

ජාතික ඔලිම්පික් සංචිතයට පිබිදුණු විසඳුම් තිළිණ කරන බ්‍රැන්ඩික්ස් අපි

සමාජ සද්කාරය කියන්නේ බ්‍රැන්ඩික්ස් අපිට නුහුරු නුපුරුදු යමක් නෙවෙයි. රට වෙනුවෙන් අපගේ යුතුකම ඉටුකළ යුතු සෑම අවස්ථාවකට ලොවම පිළිගත් දේශීය ආයතන සමූහයක් ලෙසින් බ්‍රැන්ඩික්ස් අපි කවදත් ඉදිරියෙන්ම සිටි බව ඔබ අප කවුරුත් හොඳින්ම දන්නවා. රට වෙනුවෙන් අපගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කරන අපි පසුගියදා තවත් එක් ජාතික මෙහෙවරක් සඳහා සිය දායකත්වය සපයනු ලැබුවා. ඒ ලොවම නියෝජනය කරන දක්ෂයින් අතර අති දක්ෂයින් කිරුළු පළඳින ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලාංකේය සංචිතය සඳහා නිල අනූග්‍රහකත්වය ලබාදෙමිනි.

මෙම සුවිශේෂී කර්තව්‍යය අගයමින් 2021 ජූලි මස 24 වැනිදා සිළුමිණ පුවත්පතේ විස්තරාත්මක ලිපියක් පළව වී තිබුණා. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාරයක් ලෙස හා අනුග්‍රාහක සමාගම් හඳුන්වාදීම සඳහා පැවති විශේෂ උත්සවයේදී බ්‍රැන්ඩික්ස් ආයතනය සිය දායකත්වය සඳහා වන චෙක්පත පිරිනැමූ අවස්ථාව පිළිබඳව එහි සවිස්තරාත්මකකව සඳහන් කර තීබුණා. එමෙන්ම එහිදි අපගේ සමූහයට අයත් සහෝදර සමාගමක් වන ටීජේ ලංකා සමාගම විසින් නිර්මාණය කරන ලද පාවිච්චි කරන ලද පෙට් බෝතල් භාවිතයෙන් සාදනු ලබන පොලියෙස්ටර් රෙදිවලින් නිර්මාණය කරනු ලැබු ටීශර්ට් පිළිබඳව ද ඉතාමත් සවිස්තරාත්මකව දක්වා තිබුණේ එහි සංයුතිය ගැන හොවා දක්වමිනුයි. මෙම විශේෂාංග ලිපිය කියවීමට කැමති ඔබ හට දැන් එය අන්තර්ජාලය හරහා ද කියවීමේ පහසුකම පවතිනවා. බ්‍රැන්ඩික්ස් වෙතින් ජාතික ඔලිම්පික් සංචිතයට පිබිඳුණු විසඳුම් | සිළුමිණ (https://bit.ly/3iKQ6k6) වෙත පිවිසීමෙන් එම සවිස්තරාත්ම ලිපිය කියවීමට ඔබටත් පුළුවන්.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *