සයිබරයෙත් ඇගයෙන බ්‍රැන්ඩික්ස් අපගේ පාරිසරික තිරසාරකත්වය

සයිබරයෙත් ඇගයෙන බ්‍රැන්ඩික්ස් අපගේ පාරිසරික තිරසාරකත්වය

අද වනවිට ව්‍යාපාරික ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති තිරසාරකත්වය කියන්නේ බ්‍රැන්ඩික්ස් පවුලේ අපට හරිම හුරු පුරුදු වචනයක්. මෑත කාලයේදී අපගේ තිරසාරකත්ව වැඩසටහන් නිතර ඇගයීමට ලක්වුණා.

මෙලෙසින් බ්‍රැන්ඩික්ස් පාරිසරික තිරසාරකත්වය ඇගයීමට ලක් කර තිබුණේ ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබන වෙබ් අඩවියක් වන www.adaderanabiz.lk වෙබ් අඩවිය මගිනුයි. එම වෙබ් අඩවිය විසින් බ්‍රැන්ඩික්ස් අපගේ පාරිසරික තිරසාරකත්වය පිළිබඳව සඳහන් කිරීමේදී අපගේ තිරසාරකත්ව වැඩසටහනේ ඉංජිනේරුවරයා ලෙසින් කටයුතු කරන විනුර ජයවර්ධන මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඒ ලිපිය සම්පාදනය කර තිබෙනවා. ජවසම්පන්න බ්‍රැන්ඩික්ස් තාරුණ්‍යයේ නියෝජනයක් වන විනුර ජයවර්ධන මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී ඉතාමත් පැහැදිලිව බ්‍රැන්ඩික්ස් හි තිරසාරකත්ව මුලපිරීම් පිළිබඳව සඳහන් කර තිබෙනවා. එපමණක් නෙවෙයි, ඒවා ක්‍රියාවට නංවා ඇති ආකාරය මෙන්ම ඒ සඳහා දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ඇගයුමට, පැසසුමට මෙන්ම සම්මානයට ලක්වූ ආකාරය පිළිබඳව ඉතාම පැහැදිලිව දක්වා තිබෙනවා. එමෙන්ම වැඩිදුරටත් කරුණු දක්වමින් එතුමන් අනාගත ජාරිසරික තිරසාරක්වය උදෙසා මේ වනවිටත් සිදුකර ඇති සහ සිදුකරමින් පවතින වැඩසටහන් පිළිබවත් කරුණු දක්වා තිබෙනවා.

ඉංග්‍රීසි භාෂාවෙන් සවිස්තරාත්මකව ලියා ඇති මෙම ලිපිය කියවීම සඳහා http://bizenglish.adaderana.lk/actioning-and-innovating-sustainability-in-the-sri-lankan-apparel-sector/ වෙත පිවිසෙන්න.

 

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *