” අපි තමයි හොඳටම කලේ ” මේ දවස්වල ජනප්රියම වැකිය. ඇත්තටම ඒක නරක කතාවක් නෙමෙයි.
ඕනෑම වැඩක් හොඳටම, උපරිමයෙන් කරන්න අපි කවුරුත් කැමතියිනේ. එහෙම කලාම අපිට ලැබෙන ප්රතිලාභ, වරදාන සහ වරප්රසාද තියනවා.
එහෙනම් ඇයි හොඳටම නොකරන්නේ?
ඒක ප්රශ්නයක් නේද?
ප්රශ්නයක් නම් උත්තරයකුත් තියෙන්න ඕනේ නේ!
අපි මෙහෙම කරමු…
වැඩක් කරන්න කලින් තීරණය කරන්න ගොඩාක් දේවල් තියනවා.
- මේ කරන වැඩෙන් මට යහපතක් වෙනවා ද?
- මේ කරන වැඩෙන් අනුන්ට අසාධාරණයක් අකටයුත්තක් වෙනවා ද?
- මේ වැඩේ කරන්න මට හැකියාව තියනවා ද?
- මේ කරන්න හදන වැඩෙන් වෙනත් ආකාරයේ භයානක අතුරු ප්රතිපල ලැබෙනවා ද?
තමන්ට යහපතක් වෙලා අනුන්ට හානියක් වෙන වැඩක් නම්…. අනේ කරුණාකරලා ඒක කරන එක නවත්වන්න.
ඒ වගේම ඒ වැඩෙන් පස්සේ ඇතිවන අතුරු ප්රතිපල හා ප්රතිචාර සමාජ සම්මත වලට හානියක් නම් ඒකත් නවත්වන්න.
ඔය ටික ඕකේ නම්…
හොඳ ගැම්මක් අරගෙන,
කරන වැඩේ නූලට රූලට වෙන්න ඉවර කරන්න..
ඊට පස්සේ බලන්නකෝ ඔයාට ලැබෙන ප්රතිචාර..
අන්න ඒ විදිහට ඕනෑම වැඩකට මේ සමීකරණය දාලා බලන්න…
ඊට පස්සේ වැඩේට බහින්න..
18 කියන්නේ ඉලක්කමක්.. හැබැයි ඒ අංකය තුළ මහා බලගතු හැකියාවක්, නිර්මාශීලිත්වයක්, උනන්දුවක් වගේම නාහෙට අහන්නේ නැති, දඩබ්බර, රස්තියාදු ගතියකුත් ලාවට හීනියට තියනවා.
මේ ලිපිය කියවන ඔබ සමහර විට 18 හෝ ඊට වඩා වැඩි වයසක් වෙන්න පුළුවන්..
හැබැයි…
වැදගත්ම දේ තමයි.. කරන වැඩේ ” හොඳටම කරන එක“
වයස අවුරුදු 40 වෙනකම් ඔබව හඳුන්වන්නේ ” තරුණයා ” කියන ලේබල් එකෙන්..
ඒ නිසා ඔය තරුණ අවධිය එහෙම නැත්නම් 18න් පස්සේ ගෙවන අවුරුදු 22 ක… අතිශයින්ම තීරණාත්මකයි.
කරන වැඩේ හොඳටම කරන්න පුතා…
ඊට පස්සේ කියන්න..
“ මම තමයි හොඳටම කලේ ” කියලා..
ආපහු ඉක්මනින් හමුවෙමු..
මම
දොන් ජුවාන්
(මීලඟ ලිපියෙන්: හූනා කියන්නේ ඇත්තටම කවුද ?)