අප සැවොම ස්වභාවධර්මයේ විස්මිත නිමැවුම් ය. ජීවියෙක් ලෙස ලොව එළිය දුටු දා සිට අවසන් සුසුම් පොද වාතලයට මුදා හරිනා තුරාවට අපගේ හදවත් පණ ගැහෙන්නේ ස්වභාවධර්මයෙන් ලැබෙනා පිරිසිදු ඔක්සිජන් වාතය හේතුවෙනි. ඔක්සිජන් කඳුළක වටිනාකම නිසියාකාරව දන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවයකට මුහුණ දුන් අයෙක්ම පමණි. කොරෝනා වෛරසය ලොවම ගිලගෙන ඇති මේ කාල වකවානුව වනවිට පෙර කවරදාටත් වඩා හොඳින් ඔක්සිජන් වාතයෙහි වටිනාකම මුළු ලොවටම දැනුන අයුරු අපි අත්දකිමින් සිටින්නෙමු.
දිනෙන් දින ඉහළ යන ගෝලීය රෝගීන්ගේ ප්‍රමාණය සහ කෝවීඩ් මරණ පිළිබදව අසන්නට දකින්නට ලැබෙන අතර අපේ රටේ එවන් තත්ත්වයක් ඇති නොවීම සඳහා අසි සැමදෙනෙක්ම කටයුතු කරමින් සිටින්නෙමු. අප සමූහය පුරාවටම කෝවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම අති සාර්ථකව සිදුවන අතර වාරයේ අප සමූහයේ රඹුක්කන ආයතනය සමාජ සුබ සිද්ධිය පතා තවත් උතුම් කාර්යයක් සිදුකරනු ලැබීය. එනම් “කෑගල්ලට හුස්ම පොදක්” යන තේමාව යටතේ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ අධි ප්‍රතිකාර ඒකකය නිමකිරීම සඳහා කටයුතු කිරීමයි. රුපියල් මිලියන 2.4 ක් තරම් වටිනා ඔක්සිජන් ප්‍රතිකාර ඒකක 8 ක් කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලට මෙන්ම කෑගලු දිස්ත්‍රික්කයට අයත් රඹුක්කන රෝහලට සහ මාවනැල්ල රෝහලට එම ඒකක දෙක බැගින්ද පරිත්‍යාග කිරීමට අපට හැකි විය.
පසුගිය අගෝස්තු 4 වැනිදා මෙම අධි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත්කරනු ලැබුවේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සහ බ්‍රැන්ඩික්ස් ලංකා හි අධ්‍යක්ෂක සාදික් ඔමාර් මහතා විසිනි. මෙම ව්‍යාපෘතිය බාරදීම සඳහා බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනයේ මෙහෙයුම් සාමාන්‍යාධිකාරි රුවන් කුමාර මහතා, ජ්‍යේෂ්ඨ මානව සම්පත් කළමනාකාර රංජිත් රණවීර මහතා මෙන්ම රඹුක්කන ආයතනයේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගි විය.
මෙම සද්කාර්යයත් සමගින් කෑගල්ල මහ රෝහල සහ බ්‍රැන්ඩික්ස් රඹුක්කන ආයතනය අතර පවතින අනෝන්‍ය සුහදතාවය තව තවත් වැඩිදියුණු වන අතරම මෙමගින් එම දිස්ත්‍රික්කයේම ජනතාවට ඉටුවන සේවය මෙතෙකැයි කියා කිව නොහැකි තරම් ය.