ආදර මගේ පියාණනි !

ආදර මගේ පියාණනි!

පවසමි තාත්තේ ඔබ ගැන මා දුටු ගුණ සුවඳ
පොඩි අවධියේදී අප රැක ගත් හැටි පුදුම
දහඩිය මුගුරු වැඟිරෙමින් මුළු ඇඟ පතඟ
වෙහෙස වුණා දිව රෑ නොබලා පැය විසිහතර…

මව නැති දින සිට ඔබ වුණි මිණි පහන
දරුවන් තිදෙනකු සමඟින් තනි උන හැටි මතක
සිහියට නැගෙයි තාත්තේ ඔබ විඳි දුක් ගැහැට
ඇති දැඩි කළා දරු තිදෙනා සමනල පැටව් ලෙස…

මතකයි තාත්තේ අපි තුන් දෙනා නිදන විට
තාත්තා ඇවිත් ඇසුවේ අම්මාගෙන් සෑම දින
“දරුවන් තුන් දෙනා කාලද ?” අසා ගෙට
මතකයි අදටත් ඇසුවා වදනක් ඔබ සෑම දින…

අම්මා නැති වුණ දවසේ පටන් ඔබ අප ළඟ උන්නා
තියෙන දෙයක් රත් කර අප හට දුන්නා
පාරේ නොදා ඇති දැඩි කර අප හැදුවා පතනෙමි තාත්තේ මතු භවයෙත් ඔබ අපේ පියා…

‘පියවරු දිනය’ කියලා තිබුණා දින කැලැන්ඩරේ
නැත දිනයක් වෙන් වුණේ ඔබ මට වටිනවා නිරන්තරේ
මුතු කැට අකුරින් ගෙතුවා කවි කර පිය ගුණ වරුණේ
වඳිනෙමි ‘පීතු පාදං” සිඹ උදේ රැයේ…

“උද්ධිකාරෝ ආලිංගිත්වා
චුමිබිත්වා පියපුත්තකං
රාජ මජ්ජං සුපට්ටිත්තං
පීතු පාදං නමා මහං”

N.P.K. ජයකොඩි

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *