ගෙදර බුදුන් අම්මා

ගෙදර බුදුන් අම්මා


දස මස කුස තුළ දරලා මා බිහි කළ අම්මා
සිරුරෙහි ලේ කිරි කරවා මා කුස පිරවූ අම්මා
සැම සැපතම මට ගෙන දුන් ආදර මගේ අම්මා
දොහොත් නගා මම වඳිනෙමි ගෙදර බුදුන් අම්මා

සිවු වසරේදී පිය සෙනෙහස අහිමි වුණත් අම්මේ
ළය මඬලෙහි එඩිතරකම දැරුවා නුඹ අම්මේ
නැණ නුවණින් මව් සෙනෙහස ඔපවත් කළ අම්මේ
සදා වාසනාවන් මට මගේ ආදර අම්මේ

දින දින මා ලොකු කරන්න වෙහෙස වුවා අම්මා
ජීවිතයේ අරුත කියා නිසි මග යැවූ අම්මා
අත්වැල වී දියුණු වෙන්න මට දිරි දුන් අම්මා
මතු සසරෙත් නුඹම වෙන්න ආදර මගේ අම්මා

නුඹේ පැතුම් ඉටු කරනට දිනයක මම අම්මේ
යහගුණ දම් කියා දුන්න සිහි කරනවා අම්මේ
සිප්සත ලැබ උගතෙකු වී එනවා මගේ අම්මේ
මා එන මග බලා සිටිනු සිත් සතුටින් අම්මේ

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *