අනුන් මුවගට සිනහ ගෙනදී, එයින් ප්‍රබෝධවත්වී ඇය හිනැහෙන්නී

අනුන් මුවගට සිනහ ගෙනදී, එයින් ප්‍රබෝධවත්වී ඇය හිනැහෙන්නී

මීට වසර 8 කට පමණ පෙර පොළොන්නරුව බ්‍රැන්ඩික්ස් ආයතනය හා එකතු වුණු ඇය නමින් මෙලනි නාරම්පනාව ය. විවිධාකාරයේ දුෂ්කරතාවලට මුහුණ දෙන ජනතාවක් වෙසෙන එම ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ගේ ජීවිත එළිය කරන්නට, ඔවුන්ට නන් අයුරින් සහය දක්වන්නට ඒත් සමගින් ඇයට අවස්ථාව උදාවිය. එයට ප්‍රධානතම හේතුව වූයේ මීට වසර 3 කට පමණ පෙර ආයතනයේ සමාජ සත්කාරක සම්බන්ධීකාරකවරියක් ලෙසින් කටයුතු කිරීමට අවස්ථාව ලැබීම ය. එතැන් පටන් මේ වන තෙක් ඇය, සමූහ සමාජ සත්කාරක අංශය සමග සම්බන්ධ වෙමින් පොළොන්නරුව වැනි වකුගඩු රෝගය බහුල පවතින මෙන්ම පානීය ජල ගැටලු බොහෝමයක් පවතින ප්‍රදේශයක වෙසෙන සිය ආයතන සාමාජික සාමාජිකාවන් හට බ්‍රැන්ඩික්ස් සමූහය වෙතින් උපකාර කිරීමට දායකවන්නී ය. ඇය පවසන්නේ එය සිය රැකියා ජීවිතය තුළ තමා උපයාගත් සුවිශේෂි සතුටක් බව ය.

එලෙසින් සමාජ සත්කාරක කටයුතුවලට සම්බන්ධවීමට ලැබීම සිය කාර්යබහුල ජීවිතයට ද මහත් අස්වැසිල්ලක් වූ බව ඇය පවසයි. එපමණක් නොව එලෙස සම්බන්ධවීම හරහා ඇයගේ ජීවිතයට වටිනා අත්දැකීම් රාශියක් එකතු කරගැනීමට ද අවස්ථාව උදාවී තිබේ.

බ්‍රැන්ඩික්ස් සමූහය මගින් සිදුකරන විවිධාකාරයේ සමාජ සත්කාරක වැඩසටහන් හරහා ප්‍රතිලාභ ලබන සාමාජික සාමාජිකාවන්ගේ පවුල්වල අය මෙන්ම ඔවුන්ගේ අසල්වාසීන්, ප්‍රදේශවාසීන් සතුටු කඳුළු අතරින් ස්තූතී පූර්වක වන අයුරු දකින තමා ලබන්නේ මානසික සුවයක් බව ඇය පවසයි. එවන් අවස්ථා හේතුවෙන් ‍තව තවත් ප්‍රබෝධවත් වන, ශක්තිමත් වන ඇය  සිය රැකියාව ඉටුකරන්නේ තෘප්තිමත් සිතිනි. මෙම සමාජ සත්කාරක වැඩසටහන් හරහා මේ වනවිට ඇය සිය ආයතන සාමාජික සාමාජිකාවන්ගේ පවුල්වල මෙන්ම ඔවුන්ගේ ප්‍රදේශවාසීන් අතර ද සුවිශේෂි චරිතයක් බවට පත්ව තිබේ.

මුලුමහත් ලෝකයම වසංගත තත්ත්වයක් හමුවේ කඩා වැටී ඇති මෙවන් කාල වකවානුවකදී පවා හැකි උපරිමයෙන් සමාජ සත්කාරයන්ගේ නිරතවෙමින් සිය සාමාජිකයින් ද දිරිමත් කරන, ශක්තිමත් කරන ආයතනයක සේවය කිරීමට ලැබීමට ඇය භාග්‍යවන්ත වී ඇතැයි ඇය පවසන්නේ අභිමානයෙනි.

ආයතනයක් ලෙස  බ්‍රැන්ඩිස්  සාරධර්මයන්  තමාගේ  පවුලේ  සහ සිය ආයතන සාමාජික  සමජික්වන්ගේ  අතරට ගෙන යාමට හැකිවීම පිළිබඳව ද ඇයට ඇත්තේ අභිමානයකි. ඒ පිළිබඳව ඇය නිහතමානී සතුටුවන්නී ය.

සිය ආයතනයට  දිනෙන්  දින ජයෙන්  ජය ලැබේවා යන්න ඇයගේ එකම පැතුමයි.

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *