කුසගින්න නොදත් ගැහැනිය

කුසගින්න නොදත් ගැහැනිය

සීනි මුල තියෙද්දිත්
කහට බොන අම්මා

රස්නේ බත උයද්දිත්
හීලි බත කන අම්මා

හාල් අඩු දවසටම
බඩගිනි නොඑන අම්මා

දැලි ගවුමටම පෙම් බැන්ද
වැඩකාරි අම්මා

හඳ පළුව නිදි කෙරුව
නැළවිල්ල අම්මා

හිරු පළුව කූද්දපු
ගීතයයි අම්මා

පඩි නැතුව වැඩ කරපු
කම්කරුවා අම්මා

රජ ගෙදර මැටි ගෙදර
හදවතයි අම්මා

Facebook

Leave a Comment

Your email address will not be published. Required fields are marked *