අතුපතර විහිදී ගිය රූස්ස ගසකට පුළුවන් මහා වැස්සකදි උනත් අපට නොතෙමි ඉන්න තරම් හෙවණ දෙන්න. මහා වැස්සක් ඇදහැලෙන වෙලාවක අතුපතර විහිදී ගිය මහා ගහක් යට වැස්සෙන් බේරෙන්න හිටිය කෙනෙක් දන්නවා මේ කියන කතාවේ ඇත්ත. බ්‍රැන්ඩික්ස් පවුලත් හරියට අතුපතර විහිදී ඇති මහා වෘක්ෂයක් වගෙයි. බ්‍රැන්ඩික්ස් සෙවණේ සිටින අපි සියලු දෙනාමත් සුරක්ෂිතයි කියන දේ අපි හොඳාකාරයෙන්ම දන්නවා.
මේ ගෙවෙන්නේ මුලුමහත් ලෝකයටම ඉතාමත් අසීරු කාලයක්. ලෝකයම ගෝලීය වසංගතයකට මුහුණ දීලා ඉද්දි ලොව මහා බලවතුන් ලෙසින් සලකන ජාතීන් පවා මේ ව්‍යසනයට මුහුණදීලා කඩා වැටෙන අයුරු අපි දුටුවා. කොරෝනා කියන්නේ ලෝක සෞඛ්‍යයට පමණක් නෙවෙයි ලෝක ආර්ථිකයටත් මරු පහරක් එල්ල කළ වෛරසයක්. මේ වනවිට බොහෝ ව්‍යාපාර කඩා වැටීම් නිසා බොහෝ දෙනෙකුට රැකියා පවා අහිමි වී තිබෙනවා අයුරු අපට අසන්නට දකින්නට ලැබෙනවා. මේ ගෙවෙන්නේ තවත් කෙනෙකුට උපකාර කළ හැකි කාලයකට වඩා තමන්ගේ එදිනෙදා ජීවිතයත් ගකරන්නට අපහසු කාලයක්.
මෙවන් අභියෝගාත්මක කාලයකත් සියලු සෞඛ්‍යය ආරක්ෂණ පිළිවෙත්වලට අනුගත වෙමින් අප හට ආරක්ෂිත වැඩ පරිසරයක් සකස් කර අපේ රැකියා සුරක්ෂිත කරන්න අපේ බ්‍රැන්ඩික්ස් ආයතනය කටයුතු කරනවා. එපමණක් නෙවෙයි ආර්ථීකමය වශයෙන් කොතරම් අසීරු අවස්ථාවක හිටියත් අපගේ වැටුප්, දිරිදීමනා ඇතුළු සියල්ල නිසි ආකාරයෙන් අප හට ලබාදෙන්න අපේ ආයතනය කටයුතු කළා.
“බ්‍රැන්ඩික්ස් අපේකමේ සෙනෙහස” විදිහට මේ හඳුන්වන්නේ බ්‍රැන්ඩික්ස් පවුලේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් සිදුකරපු අලුත්ම සද්කාරයයි. මෙහිදී අප සමූහය තුළ සිටින බ්‍රන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් 36,300 ක් අතරේ රුපියල් තුන්දහස් දෙසියයක් පමණ වටිනා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙන්නට අපිට හැකියාව ලැබුණා. මෙම සද්කාර්යය මගින් බ්‍රැන්ඩික්ස් ආයතන සාමාජිකයින්, ශ්‍රී ලංකාවේ සහයෝගී හවුල් ආයතනවල සාමාජිකයින් මෙන්ම ආරක්ෂක නිලධාරීන් සහ පිරිසිදු කිරීමේ කාර්යය මණ්ඩල ඇතුළු තුන්වන පාර්ශ්වයේ සේවක මහත්ම මහත්මීන් හටත් මෙම වියළි ආහාර ද්‍රව්‍යය ලබා දෙන්නට අපිට හැකිවුණා.
බ්‍රැන්ඩික්ස් පවුලේ අපි කවදත් වාසනාවන්තයි මෙවන් ආයතනයක සේවය කරන්න තරම්. රටේ ආර්ථිකයට ශක්තියක් වෙන ඇඟලුම් ක්ෂේත්රයේ ඉන්න අපේම අය වෙනුවෙන් මෙවැනි කෘතගුණ සැලකීමක් කරන්නට ලැබීම ඉතාමත් සතුටට කාරණයක්.