මිණි පහනයි අම්මා

මිණි පහනයි අම්මා

පවන් රොදකි ගත දැවටෙන හඳ සිසිලකි      අම්මා
අඳුර  දුරැර සහන් එළිය මට දුන් මගෙ          අම්මා
පායන හිරු සඳු කැටිකර මා නැලවූ             අම්මා
රුහිරු දහර කිරට පෙරා ජීවය දුන්               අම්මා
 
කතර පෙගූ දිය බිදුවකි සිසිලස දුන්             අම්මා
සතර දෙවා මා මිනිසකු කළ ආදර               අම්මා
නිතර වඳිමි පාද දොවා හද කුසුමින්             අම්මා
සසර ගමන් මග ඔබ හැර නොයනෙමි මගෙ අම්මා
 
කවිඳු නෙතින් හල කවියකි මිණි පහනකි     අම්මා
ලොවම මුවින් නැගු අරුතකි සෙනේ ගගුලකි           අම්මා
පන්හිඳ අත රැඳුණු මගේ පද අරුතද             අම්මා
මා මුමුණන ගී ස්වරයද ඔබම පමණි            අම්මා

පූර්ණිමා නිලූෂි

Facebook