දස මස කුස දරා – මා හැදු මගේ අම්මා
අත් නොහරිමි සදා – මගෙ දිවි ඇති තුරා
ලේ කිරි කර පොවා – මා ගැනම සිතු නිසා
ගුණ දම් දුන් කියා – ඈ මගේ බුදු වුනා
දහදිය වගුරුවා – සිනාවෙන් තුටු කළා
සෙනෙහස සිත පුරා – නොපෙන්වූවත් ගලා
අභියෝග ඉවසලා – දිනන්නට මග වුනා
දිරිය දුන් මගෙ පියා – මගෙ ලොව රජු වුනා
දිවියේ අරුත පහදලා – මගේ දිවිය සරු කළා
ඔබ දෙදෙන හට සදා – වදිමි මම හිස නමා
දිල්රුක්ෂි